Home Local News Room : ටයර් ෆැක්ටරියක් ගිනිගනී..

News Room : ටයර් ෆැක්ටරියක් ගිනිගනී..

0
0

අද (02) උදෑසන, හොරගස්මුල්ල, දිවුලපිටිය ප්‍රදේශයේ පිහිටි ටයර් නිෂ්පාදනාගාරයකට ගිනි අනතුරක් වාර්තා විය.

මෙම හදිසි ගින්න හේතුවෙන් කර්මාන්ත ශාලාවේ එක් අංශයක් මුළුමනින්ම ගිනිගෙන විනාශ වී ඇති බව දිවුලපිටිය පොලිසිය ප්‍රකාශ කරයි. එමෙන්ම, එහි නවතා තිබූ ලොරි රථයක්ද ගින්නට හසුවී දැවී ගොස් ඇති බව තොරතුරු වාර්තා වේ.

වාසනාවකට මෙන්, මෙම සිදුවීමෙන් කිසිදු පුද්ගල හානියක් සිදුවී නොමැති බවට තහවුරු වී ඇත.

ගින්න හටගැනීමට බලපෑ නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

ගින්න මැඩපැවැත්වීම සඳහා මීගමුව සහ ගම්පහ ගිනි නිවන ඒකකවල රථ මෙන්ම දිවුලපිටිය ප්‍රාදේශීය සභාවට අයත් ජල බවුසරයක්ද එම ස්ථානයට කැඳවා තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here