Home World News Room : ඉන්දු-පාකිස්තාන සටන් විරාමයට අවසන් දිනයක් නෑ

News Room : ඉන්දු-පාකිස්තාන සටන් විරාමයට අවසන් දිනයක් නෑ

0
0

ඉන්දියාව සහ පාකිස්තානය අතර යුද ගැටුම් අවසන් කරමින් දෙපාර්ශ්වය විසින් එකඟතාවට පැමිණෙනු ලැබූ සටන් විරාමය අඛණ්ඩව ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය 12 වැනිදා ආරම්භවූ සටන් විරාමය අඛණ්ඩව ක්‍රියාත්මක වූවද, ඉන්දියාවට එරෙහි ත්‍රස්ත ප්‍රහාර සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට පාකිස්තානය පියවර ගන්නා තුරු දෙපාර්ශ්වය අතර කිසිදු ආකාරයක සාකච්ඡාවක් නොපවත්වන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

ඉන්දීය ජාතික සංචාරකයන් 26 දෙනකුට මරු කැඳවූ ජම්මු කාශ්මීර් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය හමුදාව පාකිස්තානයේ ත්‍රස්ත ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ සින්දූර් මෙහෙයුම දේශසීමා ත්‍රස්තවාදයට එරෙහිව සිදු කළ මෙහෙයුමක් බවත්, පාකිස්තානය සමඟ දශක ගණනාවකට පෙර ගිවිසුම්ගතවූ ඉන්දුස් ජල ගිවිසුම අත්හිටුවීම දේශසීමා ත්‍රස්තවාදය මැඬපැවැත්වීමට පියවර ගැනීමට පාකිස්තානයට කළ බලපෑමක් බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

The post ඉන්දු-පාකිස්තාන සටන් විරාමයට අවසන් දිනයක් නෑ appeared first on දිනමිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here