Home Politics News Room : රාජ්‍ය බලය තිබුණත් මැතිවරණයේදී රාජ්‍ය දේපළ අවභාවිත කළේ නෑ...

News Room : රාජ්‍ය බලය තිබුණත් මැතිවරණයේදී රාජ්‍ය දේපළ අවභාවිත කළේ නෑ -ඇමැති විජිත හේරත්

0
0

“ජනතාව ලබා දුන්න බලයට අපි සාධාරණය ඉටු කරනවා. වෙනත් පක්ෂවල මෙන් මුදල් හෝ වරප්‍රසාද ලබාදී අනෙක් පක්ෂවල අය නොගන්නා බව වගකීමෙන් කියනවා. ජාතික ජන බලවේගය තුළ ඒ ජාතියේ වැඩ නැහැ. අපට ශක්තියක් වන අය සමඟ එක්ව කටයුතු කරන්න අපි සූදානම්.”

පක්ෂ ක්‍රියාකාරිකයකු විසින් පරිත්‍යාග කරන ලද බිම් කොටසක ඉදිකරන ලද ජාතික ජන බලවේගය ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය යක්කල නගරයේ විවෘත කිරීම ඊයේ (11) සිදු කරමින් අමාත්‍යවරයා එසේ පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක සාමාජිකා යූ. ඒ. නන්දශීලී මහත්මිය සහ ආර්. එම්. ආරියදාස මහතා විසින් පීත්ත පටිය කපා මෙම කාර්යාලය විවෘත කිරීම සිදු කෙරිණි.

මෙහිදී අමාත්‍ය විජිත හේරත් මහතා තවදුරටත් අදහස් දක්වමින් මෙසේ ද කීය.

“ජාතික ජන බලවේගය සඳහා අපේම කියන තැනක, අපේම නිවහනක් පිහිටු වමින් මහජන සම්බන්ධතා කාර්යාලයක් ඉදිකිරීමට හැකි වීමත්, විශාල ජයග්‍රහණයක් සමඟ මෙම කාර්යාලය ආරම්භ කිරීමට හැකි වීමත් සතුටට කරුණක්.

මෙවන් වටිනා භූමියක් ප්‍රදානය කිරීම පිළිබඳව රංජිත් සහෝදරයාට ස්තූතිය පුද කරනවා. රටේ ලක්ෂ ගණනක ජනතාවගේ ගෞරවයට සහ ආදරයට පාත්‍ර වෙමින් වසර 60ක් පැරණි ජනතා විමුක්ති පෙරමුණට රටේ බලය ලබාදී තිබෙනවා. මේ බලය ලබාගැනීම වෙනුවෙන් ලේ, කඳුළු හෙළමින් පවුල්වල සාමාජිකයන් අහිමි කරගැනීමට පවා සිදු වුණා. රටේ බලය ලබාදීමේදී මැතිවරණ තුනෙන්ම විශිෂ්ට ජයග්‍රහණය හිමි කරදුන් ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට විශේෂ ස්තූතිය පුද කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා.

රාජ්‍ය බලය තිබුණයි කියා අතීතයේදී මෙන් මැතිවරණවලදී ප්‍රචණ්ඩත්වය සහ රාජ්‍ය දේපළ අවභාවිත නොකොට ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කිරීමෙන් කදිම ආදර්ශයක් සහ නව දේශපාලන සංස්කෘතියක් රටට පෙන්වා දෙනු ලැබූවා. මෙවර පළාත් පාලන මැතිවරණයෙන් අප ඉදිරියෙන් සිටින මුත් විපක්ෂ ඇතුළු වෙනත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් කිහිපයක සභිකයන් වැඩියෙන් සිටීම මත එම කණ්ඩායම් එක්කර ගනිමින් බලය ගැනීමට තැත් කරන මුත් එම පක්ෂ කිහිපයක් සහ ස්වාධීන කණ්ඩායම්වල සභිකයන් ගමේ බලය පිහිටුවීම පිණිස ජාතික ජන බලවේගය සමඟ එක්වීමට සූදානමින් සිටිනවා. ඒ අයත් එක්කර ගනිමින් අප පක්ෂය ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතනවල බලය පිහිටු වනවා. අපි ජයග්‍රහණය කළ කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා අපට සහාය දීමට කිහිප දෙනකුම ඉදිරිපත්ව සිටින නිසා අපි කොළඹ බලයත් අපි පිහිටු වනවා. ගමට නගරයට වැඩක් කිරීමට අප පක්ෂය සමඟ එක්වීමට කැමැත්තෙන් සිටිනවා.

ජනතාව ලබා දුන්න බලයට අපි සාධාරණය ඉටු කරනවා. වෙනත් පක්ෂවල මෙන් මුදල් හෝ වරප්‍රසාද ලබාදී අනෙක් පක්ෂවල අය නොගන්නා බව වගකීමෙන් කියනවා. ජාතික ජන බලවේගය තුළ ඒ ජාතියේ වැඩ නැහැ. අපට ශක්තියක් වන අය සමඟ එක්ව කටයුතු කරන්න අපි සූදානම්.”

අමාත්‍යවරුන් වන අනිල් ජයන්ත, ක්‍රිෂාන්ත අබේසිංහ, කුමාර ජයකොඩි, නියෝජ්‍ය අමාත්‍යවරු වන මහින්ද ජයසිංහ, මුනීර් මුලර්ෆ, සුගත් තිලකරත්න, උපාලි පන්නිල ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

ගම්පහ අතිරේක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here