15
ජාතික ජන බලවේග පාක්ෂිකයන්ට එක් නීතියකුත්, සාමාන්‍ය ජනතාවට තවත් නීතියකුත් රට තුළ ක්‍රියාත්මක වන්නේ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා ප්‍රකාශ කළේය.
සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ ඊයේ (11) පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා මේ බව සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවැසීය.
‘‘නීතියේ ආධිපත්‍ය තහවුරු කරන බව ජනතාවට පොරොන්දුවක් ලබාදෙමින් තමයි ජාතික ජන බලවේග රජය බලය ලබාගත්තේ. නමුත් අද වන විට ජන බලවේග පාක්ෂිකයන්ට එක් නීතියකුත් , සාමාන්‍ය ජනතාවට තවත් නීතියක් තමයි රට තුළ ක්‍රියාත්මක වෙන්නේ.
පෙත්සමක් රැගෙන තමන් හමුවීමට පැමිණියහොත් පමණක් බම්බලපිටියෙ හින්දු විද්‍යාලයේ දැරියගේ මරණය සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදුකරන ආකාරයේ කතාවක් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් ඇමැතිවරිය ප්‍රකාශ කරලා තිබෙනවා.
ජාතික ජන බලවේගයේ පාක්ෂිකයෙක් වරදක් සිදු කළහොත් එම පුද්ගලයා ආරක්ෂා කරන මට්ටමට නීතිය නැවිලා තිබෙනවා. ඒ වගේම දරුවකුට ප්‍රසිද්ධියේ දඬුවම් කළ උපකාරක පන්ති ගුරුවරයාව අද වනතුරු අත්අඩංගුවට ගන්න ආණ්ඩුව කටයුතු කරලා නෑ.
නීතිය අවනීතිය බවට පත්වීම විසඳන්න ආණ්ඩුවේ කවුරුත් මැදිහත් නොවන බවක් තමයි පෙනෙන්න තිබෙන්නේ.
ඒ වගේම වෙසක් උත්සවය අන්තර්ජාතික නිවාඩු දිනයක්. ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමාගේ මැදිහත්වීමෙන් තමයි වෙසක් පොහොය නිවාඩු දිනයක් බවට පත් වෙන්නේ. නමුත් අද වන විට රටේ තිබෙන සතොස ආයතනයේ සේවය කරන බෞද්ධ සේවකයන්ටවත් ඒ නිවාඩුව ලබාදි නෑ. සතොස ආයතනය ජනතාව වෙනුවෙන් විවෘත විය යුතුයි. එහි කිසිදු විවාදයක් නෑ. නමුත් ඒ සඳහා යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතුයි. වෙසක් උත්සවය දිනයේ ඔවුන්ට ආගමික කටයුතුවල නිරත වීමට අවස්ථාව ලබාදිය යුතුයි.
ඒ වගේම ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය සඳහා වාසි ලබාගැනීම දේශපාලන තීන්දු තීරණ ගැනීමට පැකිළෙන්නේ නෑ. ඒ තුළින් ආණ්ඩුවේ දේශපාලන අවශ්‍යතාව සම්පූර්ණ කරගැනීමට හැකි වෙන නිසා එවැනි තීන්දු තිරණ ආණ්ඩුව ගනු ලබනවා.
ආගම දහම දේශපාලනය වෙනුවෙන් භාවිත කිරීම, නීතිය හරහා දේශපාලනය වාසි ලබාගන්න දරන උත්සාහය හරහා ජනතාව ජාතික ජන බලවේග ආණ්ඩුවෙන් බලාපොරොත්තු වුණ වෙනස කරා ගමන් කරනවා ද කියන සැකයක් ඇති වෙනවා.
ඒ වගේම මාස 7ක් වැනි කෙටි කාලයක් තුළ ලක්ෂ 23ක් ආණ්ඩුවෙන් ඉවත් වීම හරහා ඒ බව මනාව පෙනෙන්නට තිබෙනවා.‘‘
රක්ෂණ ශ්‍රියන්ත