Home Sport News Room : ඩී.එස්. සේනානායක-මහානාම ‘රන් සටන’ අද සිට

News Room : ඩී.එස්. සේනානායක-මහානාම ‘රන් සටන’ අද සිට

0
0

ඩී.එස්. සේනා­නා­යක විද්‍යා­ල­යීය සංචි­තය: ඉදිරි පෙළ (වමේ සිට) – කපිල මුණ­සිංහ (අභ්‍යා­සක), ඩිලන් රාම­නා­යක (ප්‍රධාන පුහු­ණු­කරු), වසන්ත කාලී­කො­ටුව (ක්‍රීඩා පරි­පා­ලක), ඉසුරු ලිය­නගේ (සහ­කාර විදු­හ­ල්පති-ක්‍රීඩා), මලිත පෙරේරා (නායක), සම්පත් වේර­ගොඩ (විදු­හ­ල්පති), ඩිලාෂ් කුමා­ර­නා­යක (උප නායක), ලසන්ත විතා­රණ (සභා­පති, ආදි ශිෂ්‍ය සංග­මය), වජිර අබේ­වි­ක්‍රම (ක්‍රිකට් භාර ආචාර්ය), කීර්ති ගුණ­රත්න (ජ්‍යෙෂ්ඨ ප්‍රධාන පුහු­ණු­කරු), ධනුෂ්ක චතු­රංග (සහාය පුහු­ණු­කරු), පසු පෙළ – බිහාන් ගමගේ, පමුල ලොකු­ලි­යන, සොහාන් යාපා, අනු­හස් ධර්ම­ව­ර්ධන, ඔමල්ක හපු­ආ­රච්චි, සෙනාර දිලිප්, කිරාන් පෙරේරා, රන්දීෂ බණ්ඩා­ර­නා­යක, චනුල් අතලේ, දැහැම් නිර්මාල්, නිශල් තඹ­විට, යෝසිත් හෙට්ටි­ආ­රච්චි, ලුදීෂ පතී­රණ, චතුම් බැද්දගේ, ශනාල් බිනුෂ්ක, සංජුල දුලාජ්, අමාඩ් අෆ්ඩාල්, ලබීබ් නුස්ලී, ජනිදු ඩිනාල්.

කොළඹ මහා­නාම විද්‍යා­ල­යීය සංචි­තය: ඉදිරි පෙළ (වමේ සිට) – අශාන් ප්‍රිය­න්ජන් (ප්‍රධාන පුහු­ණු­කරු), උත්පල පීරිස් (මහා­නාම ක්‍රිකට් සභා­පති), ජයන්තා බණ්ඩාර (ක්‍රීඩා පරි­පා­ලිකා), සඳ­මාලි බණ්ඩාර (නියෝජ්‍ය විදු­හ­ල්පති), අනුක විජේ­ව­ර්ධන (නායක), ප්‍රභාත් විතා­නගේ (විදු­හ­ල්පති), දුල්නිත් සිගේරා, ලෙනාඩ් කරු­ණා­රත්න (ප්‍රධාන විධා­යක නිල­ධාරී), චතුර නිශ්ශංක (ක්‍රීඩා උප සභා­පති), අකිල රාජ­පක්ෂ (ක්‍රිකට් භාර ආචාර්ය), රොෂාන් බණ්ඩාර (ක්‍රිකට් භාර ආචාර්ය), පසු පෙළ – සනුල් වීර­රත්න, විමාෂ් මද­නා­යක, වෙනුර කවීත්‍ර, තවිරු පෙරේරා, සිනෙත් වීර­රත්න, කෞශික තිල­ක­රත්න, ගීත් සඳ­රු­වන්, චාමික හීන­ටි­ගල, එෂාන් විතා­නගේ, සිතුම් විහඟ, නදිල් නෙත්මිර, මිගාර රණ­සිංහ, ගිමන්ත දිසා­නා­යක, සනුක ගනේ­පොල, දුල්නෙත් අල්ගෙ­වත්ත, උදේන් රාජ­පක්ෂ, දෙනෙත් ගුණ­ති­ලක, ඔසඳ මුතු­ගම.

කොළඹ ඩී.එස්. සේනානායක සහ මහානාම විදුහල් අතර 19 වැනි ‘රන් සටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (9) කොළඹ එස්එස්සී ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

ජාතික ක්‍රිකට් පිලට මෙන්ම දේශීය ක්‍රිකට් පිටියට ක්‍රීඩකයින් රැසක් දායාද කළ මේ දෙවිදුහල් අතර මහා ක්‍රිකට් තරගය මේ දක්වා දෙදින තරගයක් ලෙස පැවති අතර, මෙවර තරගයේ සිට තෙදින තරගයක් ලෙසින් පැවැත්වෙනු ඇත.

ඩී.එස්.සේනානායක විද්‍යාලය මේ මහා ක්‍රිකට් තරග ඉතිහාසයේ තරගයක් ජය ගනිමින් 1 – 0ක් ලෙස පෙරමුණ ගෙන සිටී. ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායම නියෝජනය කරන බිනුර ප්‍රනාන්දුගේ නායකත්වය යටතේ ඩී.එස්. සේනානායක විද්‍යාලය 2014 වසරේදී ඉතිහාසයේ එකම මහා තරගය ජයග්‍රහණය කළේය. මහානාම පිලට මෙතෙක් කිසිදු ජයග්‍රහණයක් වාර්තා කිරීමට නොහැකි විය.

මලිත පෙරේරා මෙවර තරගයේදී කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාල පිල මෙහෙයවනු ලබන අතර, අනුක විජේවර්ධන කොළඹ මහානාම විද්‍යාල පිල මෙහෙයවයි.

මේ තරගයට සමගාමීව සංවිධාන කරන ‘අරවින්ද ද සිල්වා අභියෝගතා කුසලානය’ සඳහා වන එක්දින ක්‍රිකට් තරගය මේ මස 18 වන දින එස්එස්සී ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here