Home World News Room : දුප්පතුන් අතරම සැතපුණු ෆ්‍රැන්සිස් පාප් වහන්සේ

News Room : දුප්පතුන් අතරම සැතපුණු ෆ්‍රැන්සිස් පාප් වහන්සේ

0
0

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කළේය.

සිය වසරක සම්ප්‍රදාය වෙනස් කරමින් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ කළ අවසන් ඉල්ලීමට අනුව උන් වහන්සේගේ දේහය මෙලෙස රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාව මිහිදන් කෙරුණි.

රෝමයේ ප්‍රධාන දුම්රියපොළ අසළ, කම්කරු පන්තියේ ජනතාව වෙසෙන කලාපයක පිහිටි ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාව සිය අවසන් ගිමන් ස්ථානය ලෙස තෝරාගැනීමෙන් ද පිළිබිඹු වන්නේ සමාජයේ සැලකිල්ලට භාජනය නොවූ මිනිසුන් කෙරෙහි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තුළ වූ අනුකම්පාවයි.

ලොව පුරා කතෝලිකයන් සඳහා දින නවයක ශෝක දිනයක් ද ප්‍රකාශ කර තිබේ.

මේ අතර හෙට(27) දිනයේ දී ශාන්ත පීතර චතුරශ්‍රයේ තවත් ශෝක දිව්‍ය පූජාවක් පැවැත්වේ. එය මෙහෙයවනු ලබන්නේ මීළඟ පාප් පදවියට ‌බොහෝ සුදුසුකම් සපුරා ඇති ඉතාලි කාදිනල් පියෙට්‍රෝ පැරොලින් විසින් බව වාර්තාවේ.

එසේම ඉදිරි දිනවලදී, ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අනුප්‍රාප්තිකයා තෝරා ගන්නා කාදිනල්වරුන්ගේ සම්මේලනය ආරම්භ වන දිනය වතිකානුව නිවේදනය කරනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here