Home World News Room : වතිකානයේ දින 9ක ශෝක කාලයක් – දිනමිණ

News Room : වතිකානයේ දින 9ක ශෝක කාලයක් – දිනමිණ

0
0

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවය වෙනුවෙන් වතිකානයේ දින 9ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පාප් වහන්සේගේ අවමංගල්‍ය දිව්‍ය පූජාව අඛණ්ඩව දින 9ක ශෝක කාලයක් තුළ පැවැත්වීම පුරාණ සම්ප්‍රදාය බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. වතිකානයේ කාඩිනල්වරුන්ගේ මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ දින 9ක ශෝක කාලයට අදාළ කාලසටහනක් ද නිකුත් කර ඇතැයි වාර්තා වේ.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය පූජෝත්සවය හෙට (26) වතිකාන වේලාවෙන් පෙරවරු 10.00ට (ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට) සාන්ත පීතර බැසිලිකාව ඉදිරිපිට එළිමහන් පරිශ්‍රයේදී සිදු කිරීමට නියමිත අතර, අවසන් දේව මෙහෙයෙන් අනතුරුව උන් වහන්සේගේ දේහය ශාන්ත මේරි මැජියෝරී බැසිලිකා පරිශ්‍රයේ තැන්පත් කිරීමට නියමිත බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here