Home Politics News Room : සුළඟ හමන දිශාව හයවැනිදා දැනගන්න පුළුවන්

News Room : සුළඟ හමන දිශාව හයවැනිදා දැනගන්න පුළුවන්

0
0

රටේ සුළඟ හමන දිශාව කුමක්ද යන්න එළඹෙන 06 වැනිදා පස්වරුව වන විට ජනතාවට දැනගන්නට හැකි වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.

හිටපු මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ නුගේගොඩ පැවති ජන හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මන්ත්‍රීවරයා මෙලෙස ද කීවේය.

“මේ මොහොතේ රටේ පවතින තත්ත්වය ජනතාව හොඳින් අවබෝධ කරගෙන තිබෙනවා. අපි මෙවර මැයි දින රැලිය නුගේගොඩදී පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. එදා මහින්ද සුළඟ හැමුවා වගේ මේ වන විට ගමට සුළඟ හමා තිබෙනවා. ඒ අනුව සුළඟ හමන දිශාව කුමක්ද කියා එළඹෙන මැයි මස 06 වැනිදාට දැන ගන්නට ජනතාවට අවස්ථාව ලැබෙනවා. මේ මොහොතේ රටේ තිබෙන තත්ත්වය අනුව ගාලුමුවදොර පිටිය පිරෙන්න පිරිසක් ගේන්න තරම් ජාතික ජන බලවේගයට හැකියාවක් තිබෙනවා කියා විශ්වාස කරන්නේ නෑ. නමුත් අපි හැකි උපරිමයෙන් කරනවා. මැයි මාසයේ පළමු වැනිදා ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීමක් සිදු කරනවා. ඒක අපි හැමදාම කරනවා.

පළාත් පාලන මැතිවරණයෙන් අපි ලබන ජයග්‍රහණය මැයි 06 දාට ජනතාවට දැන ගන්න අවස්ථාව ලැබෙනවා. ගස්, ගල්, පිළිමවලට වන්දනා කිරීම ගෝත්‍රිකයි කියූ පිරිස අද දණ ගසා දළදා වහන්සේට වන්දනා කිරීම සම්බන්ධයෙන් අපි සතුටු වෙනවා. අපි මේ රටේ සංස්කෘතිය සහ ජාතිකත්වය වෙනුවෙන් හැමදාම පෙනී සිටිනවා. ඊට විරුද්ධව කටයුතු කළ දළදා මාලිගාවට බෝම්බ ගැසූ ජනතා විමුක්ති පෙරමුණ අද මේ ආකාරයට පැමිණ දළදා වහන්සේ ළඟ වැඳ වැටෙන විට අපි එදා කියූ දේ නිවැරදි කියා සිතෙනවා. පාස්කු දා ප්‍රහාරය සම්බන්ධයෙන් මහමොළකරු හෙළි කරනවා කිවුවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා කියා දැනගන්න ලැබී තිබෙනවා. මේක සමස්ත කතෝලික ජනතාව රැවටීමට ලක්කළා දෝ කියන ප්‍රශ්නය අපට තිබෙනවා.”

මහින්ද අලුත්ගෙදර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here