28
එක් එක් අමාත්‍යාංශ සඳහා අය-වැයෙන් වෙන් කර තිබෙන මුදල් සැලසුම්සහගතව ජනතාව වෙනුවෙන් වියදම් කර පෙන්වන ලෙස ජනාධිපතිවරයා සියලු ඇමැතිවරුන්ට අභියෝගයක් දුන් බව අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවැසුවාය.
අගමැතිනිය මේ බව පැවැසුවේ කෝට්ටේ රැෆල් හෝටලයේ පෙරේදා (22) පැවැති ජන හමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිනිය මෙලෙස ද කීවාය.
“අතීත ප්‍රාදේශීය සභා සහ නගර සභා දූෂිත දේශපාලනයේ පෙර පාසල්. පාර්ලිමේන්තුවට පත්වී සිටින අපේ 159 දෙනාම පවුල් බලයෙන්, සල්ලි බලයෙන් පත් වූ අය නෙවෙයි. ඔබ වගේම සාමාන්‍ය මිනිස්සු. ඔබ අතර ඉන්න මිනිස්සු. ඉස්සර වගේ පාර්ලිමේන්තුව තුළ කෑ ගහන්නෙ ගහගන්නේ නෑ. පාර්ලිමේන්තුව බලන්න පාසල් දරුවන් පැමිණියාම කතානායකට කියන්න අවශ්‍ය වෙන්නේ නෑ ළමයින් ඉවත් කරන්න කියලා. ඒ තරම් විනීතව, නීතිගරුකව සහ දේශපාලන පරිණතභාවයකින් යුක්තව අපේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් හැසිරෙනවා.
මෙවැනි පාර්ලිමේන්තුවක් තමයි අපි හැමදාම බලාපොරොත්තු වුණේ. අද ඔබ ඒ වෙනස කර තියෙනවා. හොඳට ක්‍රියාත්මක වන කාර්යක්ෂමව වැඩ කරන ප්‍රාදේශීය සභාවක වාසිය මෙතෙක් කලක් අපට දැනිලා නෑ. ඔබේ ළඟ ආයතනය වෙනස් කරන්න. ඔබට සේවය කරන පිරිසක් පත්කර ගන්න. ඒකට අවස්ථාව තමයි දැන් ලැබී තියෙන්නේ.”
කර්මාන්ත හා ව්‍යවසායකත්ව නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ මහතා
“කවුරු හරි නගර සභාවට ගිහිල්ලා සුළු වැටුපක් අරගෙන අවුරුදු දෙක තුනකින් විශාල නිවාසයක් හදලා, වාහනයක් අරන් තියෙනවා නම් අපි අහනවා කොහොමද එහෙම කරන්නේ කියලා. එයාට ඒකට පිළිතුරු නැත්නම් අපි නීතිය ක්‍රියාත්මක කරනවා. ඒ අනීතික වත්කම් අත්පත් කරගන්න කටයුතු කරනවා.
විපක්ෂය නිතරම අපට බනිනවා. චෝදනා කරනවා. නමුත් අපි කිසිම වරදක් කර නෑ. අපි ජනතාවගේ මුදල් හොරකම් කර නෑ, දරුවන් පාසලට ගන්න කියලා ලියුම් ඉදිරිපත් කර නෑ, පොලීසියකට කතා කර බලපෑමක් කර නෑ. මෙවැනි යහපත් දේශපාලන සංස්කෘතියක් ක්‍රියාත්මක කරමින් තමයි අපි ජනතාවට සේවය කරන්නේ. ඔබේ ගම හදන්න නම් දූෂිත නොවන, ඔබේ මුදල් සොරකම් නොකරන පිරිසක් ඔබ වෙනුවෙන් පත්කර ගන්න කියලා මම මේ මොහොතේ ඉල්ලා සිටිනවා.”
නුවන් කොඩිකාර