Home World News Room : පිලිපීන හිටපු ජනපතිට මාංචු – දිනමිණ

News Room : පිලිපීන හිටපු ජනපතිට මාංචු – දිනමිණ

0
0

පිලිපීනයේ හිටපු ජනාධිපතිවරයෙකු වන රොඩ්රිගෝ ඩුටර්ටේ අත්අඩංගුවට ගෙන තිබේ.

මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් වරෙන්තුවක් ලැබුණු බව, පිලිපීන රජය ප්‍රකාශ කිරීමෙන් පසු හොංකොං සිට පැමිණි හිටපු ජනාධිපතිවරයා මැනිලා ගුවන් තොටුපළේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය සදහන් කරයි.

2016 සිට 2022 දක්වා පිලිපීනයේ ජනාධිපති ධූරය හෙඹ වූ රොඩ්රිගෝ ඩුටර්ටේ සිය ධුරයේ සිටි කාලය තුළ, පුළුල් හා කුරිරු මත්ද්‍රව්‍ය විරෝධී මර්දනයකට නායකත්වය ලබා දී ඇති අතර පොලිස් දත්ත වලට අනුව, 6,000 කට වැඩි පිරිසක් ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන් වේ.

මෙම සිදුවීම පිලිපීනයේ මානව හිමිකම් සඳහා වූ ජාත්‍යන්තර සන්ධානය මෙම අත්අඩංගුවට ගැනීම ඓතිහාසික මොහොතක් ලෙස දක්වා තිබේ.

තවද ස්වාධීන නිරීක්ෂකයින් විශ්වාසය පළ කර ඇත්තේ ඩුටර්ටේගේ නීති විරෝධී ඝාතන සංඛ්‍යාව තවත් වැඩි විය හැකි බවයි.

කෙසේවෙතත් 79 හැවිරිදි ඔහු මීට පෙර තමා අත්අඩංගුවට ගැනීමට නියමිත බවට පළ වූ වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ තමා සිරගෙට යාමට සූදානම් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here