Home Politics News Room : හැත්තෑහය වසරක ශාපයක් ගැන කතා කිරීම නවතා වැඩ කරන්න

News Room : හැත්තෑහය වසරක ශාපයක් ගැන කතා කිරීම නවතා වැඩ කරන්න

0
0

ගතවූ හැත්තෑහය වසරට ආණ්ඩු පක්ෂය විසින් කවර ආකාරයට දෝෂාරෝපණය කළද, එම වකවානුව තුළ රටට ඉටුවූ සුවිශේෂි කාර්ය භාරයක් ඇති බව අවංකව පිළිගත යුතු බවත් දැන්වත් 76 වසර ගැන කතා කිරීම නවතා දමා වැඩකළ යුතු බවත් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) ප්‍රකාශ කළේය.

නලින් බණ්ඩාර ජයමහ මහතා මේ බව සඳහන් කළේ 2025 වසර සඳහා වන අය – වැය විවාදය සඳහා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා මෙසේද පැවසීය.

මේ ආණ්ඩුව 76 ශාපය ගැන කතා කරනවා. නමුත් ඩී.එස්. සේනානායක මහතාගේ ගල් ඔය ව්‍යාපාරය නැත්තම් අම්පාර නගරයක් නැහැ. එදා ඩි. එස්. සේනානායක මහතාට පුළුවන් වුණා, එදා ආරම්භ කළ ගල් ඔය ව්‍යාපාරය ජේ.ආර්. ජයවර්ධන මහතාගේ මහවැලි ව්‍යාපාරයත් එක්ක බද්ද වෙලා කෘෂිකාර්මික විප්ලවයක් බවට පත් වුණා.

ඒ වගේම විවෘත ආර්ථික ප්‍රතිපත්තිය නිසා රට ලෝකයට විවෘත වුණා. ඒ නිසා ගතවු අවුරුදු 76 ශාපයක් බවට පත්වුණේ නැහැ. 76 ශාපයට හේතුවුණා, ඒ කාලේ කැල්ටෙක්ස් වගේ සමාගම් රටින් යැවීම. බස් සමාගම් ජනසතු කළා. ජේ.ආර්. ජයවර්ධන මහතා බලයට පත් වුණාට පසුව චීනයට කලින් කර්මාන්ත පුර ආරම්භ කළේ අපි. චීනය ඇවිත් අපේ රටෙත් බලලා ගියා. ප්‍රේමදාස මහතා කර්මාන්ත පුර ගමට අරන් ගියා. ඇඟලුම්වලින් ඔබ්බට ගියාට ඉන්පසුව චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ඇවිත් ඒ ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කළා. ඒ වගේම 1993 න් පසුවත් ඒ ප්‍රතිපත්තිය ගියානම් මේ රට අද වෙනස් තැනක තිබෙන්නේ.

මැලේසියාවට ගිය අධ්‍යාපන මධ්‍යස්ථාන අප සතු කර ගන්න අපට බැරි වුණා. ඔබතුමාලාත් ඒවට වගකියන්න ඕන. මොකද පෞද්ගලික විශ්වවිද්‍යාලවලට , පෞද්ගලික අධ්‍යාපනයට ඔබතුමාලාත් විරුද්ධ වුණා. පෞද්ගලික විශ්වවිද්‍යාල යක්කු වගේ ඔබතුමාලා දැක්කේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here