Home World News Room : කුම්භමේලා උත්සවයට පාකිස්තානයෙනුත් එයි – දිනමිණ

News Room : කුම්භමේලා උත්සවයට පාකිස්තානයෙනුත් එයි – දිනමිණ

0
0

ලෝක ආගමික උත්සව අතරින් වැඩිම බැතිමතුන් පිරිසක් සහභාගි වන විශාලතම උත්සවය ලෙස සැලකෙන ඉන්දියාවේ ‘මහකුම්භමේලා‘ උත්සවයට 68 දෙනකුගෙන් සමන්විත පාකිස්තාන ජාතික බැතිමතුන් පිරිසක් ද සහභාගි වී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය රජයේ සත්කාරකත්වය යටතේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ප්‍රයාග්රාජ් නුවරට පැමිණි එම බැතිමතුන් පිරිසට අවශ්‍ය වීසා පහසුකම් කඩිනමින් සපයා දීමට ඉන්දීය රජය පියවර ගෙන තිබූ බවත්, උත්සවය අතරතුර ඔවුන් විවිධ ජාතීන්ට අයත් බැතිමතුන් හමුවී සිය සතුට පළ කළ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

පාකිස්තානයට අමතරව රටවල් විශාල සංඛ්‍යාවකින් මහකුම්භමේලා උත්සවයට බැතිමතුන් පැමිණ සිටින අතර, පසුගිය පෙබරවාරි 5 වැනිදා කුම්භමේලා උත්සවයේ බලධාරීන් විසින් නිකුත් කළ සංඛ්‍යාලේඛනවලට අනුව ඒ වන විට මිලියන 389.7ක ජනතාව උත්සවයට සහභාගි වී ඇතැයි ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here