Home World News Room : දකුණු චීනයේ නායයෑමකින් 28ක් අතුරුදන්

News Room : දකුණු චීනයේ නායයෑමකින් 28ක් අතුරුදන්

0
0

දකුණුදිග චීනයේ සිචුයැං ප්‍රාන්තයේ සිදුවූ නාය යෑමකින් පුද්ගලයකු මිය ගිය බවත්, තවත් පුද්ගලයන් 28 දෙනෙක් අතුරුදන්වී ඇති බවත් එරට පීපල්ස් ඩේලි පුවත් සේවය වාර්තා කරයි. නාය යෑමට හසුවී ඇත්තේ එම ප්‍රාන්තයේ යිබින් නුවර ආසන්නයේ පිහිටි ගම්මානයක් වන අතර, එහිදී තුවාල ලැබූ තවත් දෙදෙනකු රෝහල්ගත කර ඇතැයි ද වාර්තා වේ. එම ප්‍රාන්තයේ ගිනි නිවන හමුදා ඒකකයේ නිලධාරීන් සහ ආපදා කළමනාකරණ කණ්ඩායම් ඒකාබද්ධව අතුරුදන්වූ පුද්ගලයන් සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇති බවත්, මේ දිනවල පවතින අධික සීත දේශගුණික තත්ත්වය හේතුවෙන් මෙහෙයුම් අඩාළ වී ඇති බවත් පීපල්ස් ඩේලි පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

අතුරුදන්වූ පුද්ගලයන් සොයා ගැනීම සඳහා නායයෑමට හසුවූ ප්‍රදේශයේ සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු කඩිනම් කර ඇති අතර, ඒ සඳහා පොලිස් සුනඛයන් සහ වෙනත් තාක්ෂණික උපකරණ ද භාවිතයට ගෙන ඇතැයි එරට හදිසි සේවා කළමනාකරණ අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ. නාය යෑමෙන් නිවාස 10ක් මුළුමනින්ම යටවී ඇති අතර, 200කට අධික අවතැන් වූ පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇතැයි වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here