Home World News Room : ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම ‘හමාස්‘ කල් දමයි

News Room : ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම ‘හමාස්‘ කල් දමයි

0
0

ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ මීළඟ අදියර කල් දැමීමට තීරණය කර ඇතැයි හමාස් සංවිධානය පවසයි.

ඊශ්‍රායලය සාම ගිවිසුම් කඩකිරීම සම්බන්ධයෙන් චෝදනා කරමින් මෙම තීරණය ගෙන ඇති බව හමාස් සංවිධානයේ ප්‍රකාශයෙක් සදහන් කර ඇතැ යි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

ඊශ්‍රායලයේ සිරකරගෙන සිටින, පලස්තීන සිරකරුවන් නිදහස් කිරීම සඳහා තවත් ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙකු ලබන සෙනසුරාදා නිදහස් කිරීමට හමාස් සංවිධානය මීට පෙර සැලසුම් කර තිබුණි. නමුත් එම තීරණය කල්දමන බව හමාස් ප්‍රකාශකයා පවසා ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා කියා සිටින්නේ, මෙය සාම ගිවිසුම මුළුමනින්ම උල්ලංඝණය කිරීමක් බවයි.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටින්නේ, සියලුම ප්‍රාණ ඇපකරුවන් ලබන සෙනසුරාදා වන විට නිදහස් නොකළහොත් සාම ගිවිසුම අවලංගු කළ යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here