Home World News Room : ග්වාතමාලාවේ බසයක් ප්‍රපාතයකට පෙරළෙයි – 51ක් ජීවිතක්‍ෂයට

News Room : ග්වාතමාලාවේ බසයක් ප්‍රපාතයකට පෙරළෙයි – 51ක් ජීවිතක්‍ෂයට

0
0

ග්වාතමාලාවේ සිදු වූ බස් රථ අනතුරකින් 51 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ග්වාතමාලාවේ, ‘ග්වාතමාලා සිටි’ අගනුවරට ආසන්නව පිහිටි ප්‍රපාතයකට බස් රථයක් පෙරළී යාමෙන් ඊයේ මෙම අනතුර සිදුව තිබේ.

මිය ගිය පිරිස අතර පිරිමි පුද්ගලයින් 36 දෙනෙකු සහ කාන්තාවන් 15 දෙනෙකු සිටින බව බලධාරීන් සදහන් කර ඇත.

බස් රථයේ සුන්බුන් අතර සිර වී සිටින පුද්ගලයින් මුදා ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ද ක්‍රියාත්මක කර තිබේ.

එම බස් රථය, අගනුවරට ආසන්න කාර්ය බහුල මාර්ගයක අතු ගංගාවක් හරහා ඉදි කර තිබූ පාලමක් ඔස්සේ ධාවනය වෙමින් තිබියදී ඉන් පිටතට පෙරළී ගොස් ඇති බව, බලධාරීන් පවසයි.

අනතුරින් විපතට පත්වූවන් වෙනුවෙන් ග්වාතමාලා රජය විසින් දින තුනක ශෝක කාලයක් ද ප්‍රකාශයට පත් කර තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here