Home World News Room : චීනයට එරෙහිව තායිවාන වෙරළේ මිසයිල නාශක පද්ධතියක් සවි කරයි

News Room : චීනයට එරෙහිව තායිවාන වෙරළේ මිසයිල නාශක පද්ධතියක් සවි කරයි

0
0

තායිවානය ආක්‍රමණය කිරීමේ උපායමාර්ගික සැලසුමක් ලෙස චීනය සිය මහජන විමුක්ති හමුදාවේ ගුවන්යානා සහ යුද නැව් තායිවාන සමුද්‍ර සන්ධියේ නීතිරීති උල්ලංඝනය කිරීමට එරෙහිව තායිවානය එරට වෙරළාසන්න ප්‍රදේශවල මිසයිල නාශක පද්ධතියක් ස්ථාපිත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගියදා තායිවාන ගුවන් සීමාව සහ මුහුදු සීමාව උල්ලංඝනය කරමින් චීනයට අයත් ගුවන් යානා 19ක් සහ යුද නැව් 8ක් තායිවාන සමුද්‍ර සන්ධිය තරණය කිරීමේදී එම මිසයිල නාශක පද්ධතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගත් බව තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

මේ මාසයේ පළමු සතිය ඇතුළත පමණක් චීන ගුවන් යානා 37ක් සහ යුද නැව් 19ක් නිරීක්ෂණය වූ බවත්, පසුගිය සැප්තැම්බර් මාසයේ සිට චීන මහජන විමුක්ති හමුදාව තායිවාන දේශ සීමාව ආක්‍රමණය කිරීමේ ක්‍රියාමාර්ග වැඩි කර ඇති බවත් තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර ඇතැයි ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here