Home World News Room : චීනයේ හිටපු නායක ඩෙං ෂියාඕ පිං ගුණ සැමරුම චීන...

News Room : චීනයේ හිටපු නායක ඩෙං ෂියාඕ පිං ගුණ සැමරුම චීන ජනපති ප්‍රධානත්වයෙන්

1
0

චීනයේ හිටපු නායක ඩෙං ෂියාඕ පිං මහතාගේ 120 වැනි ජන්ම සංවත්සරය සැමරේ. ඒ නිමිත්තෙන් චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව සංවිධාන කළ වැඩමුළුවක් චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (22) බෙයිජිං අගනුවර මහජන මහ ශාලාවේ දී පැවැත්විණ.

ඩෙං ෂියාඕ පිං මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ මෙන්ම සමස්ත චීන ජනතාවගේ ඉහළම ගෞරවය හිමි ශ්‍රේෂ්ඨ නායකයෙකු බව ෂී ජින්පිං මහතා එහිදී කියාසිටියේය. පක්ෂයේ දෙවැනි පරම්පරාවේ කේන්ද්‍රීය නායකයා වූ ඩෙං ෂියාඕ පිං මහතා චීන සමාජවාදී ප්‍රතිසංස්කරණය, විවෘත විදේශ ප්‍රතිපත්ති සහ නවීකරණ සංවර්ධනය සඳහා වූ ප්‍රමුඛ සැලසුම්කරුවා ද විය. චීනය චීන අනන්‍යතාව සහිත සමාජවාදී මාවතට ප්‍රථමයෙන් ප්‍රවේශ කළේ ඔහු බව ද ෂී ජින් පිං මහතා ‍ පැවසීය.

ඩෙං ෂියාඕ පිං මහතා චීන දේශය හා ජනතාව වෙනුවෙන් ඉටු කළ මෙහෙවර කිසිදා මැකී නොයන බවත්, චීන අනන්‍යතාව සහිත සමාජවාදී ව්‍යායාමය අඛණ්ඩව ඉදිරියට ගෙන යාම එතුමා අනුස්මරණය කිරීමේ හොඳම ක්‍රමය බවත් චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here