ඉන්දියාවේ සිට නේපාලය බලා ගිය මගී බස් රථයක් ගංගාවකට ඇද වැටීමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් 21 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. තව පුද්ගලයන් 22දෙනකු තුවාල ලබා ඇති අතර, බස් රථය අනතුරට ලක්වන විට එහි මගීන් 40ක් පමණ සිටි බව ද වාර්තා වේ. එරට මාධ්‍ය සඳහන් කරන්නේ එම බස් රථය නේපාලයේ පොකාරා නුවර සිට කත්මණ්ඩු අගනුවර බලා ධාවනය වෙමින් තිබියදී මේ අනතුර සිදුවූ බවය.
අනතුරට හේතුව සහ ජීවිතක්ෂයට පත්වූවන්ගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නැති බවත්, අනතුර පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් වාර්තා වේ.
The post නේපාලයේ ගඟකට බස් රථයක් පෙරළෙයි appeared first on දිනමිණ.







