අධික වර්ෂාව හේතුවෙන් උද්ගත වූ ගංවතුර තත්ත්වයෙන් බංග්ලාදේශයේ නැඟෙනහිර පළාතෙන් මරණ 13ක් වාර්තා වන බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. එරට දිස්ත්‍රික්ක අටක ලක්ෂ 45කට අධික ජනතාව අවතැන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෙවැනි දරුණු ගංවතුරක් බංග්ලාදේශයට බලපා ඇත්තේ දශක තුනකට පසුව බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
ගංවතුර තත්ත්වය හේතුවෙන් අවතැන්වූ පිරිස ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යෑමට පොලීසිය සමඟ එක්ව එරට ආපදා කළමනාකරණ ඒකකය දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ඊයේ වන විට ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් තාවකාලික කඳවුරුවලට පිටත් කර යැවූ බවත්, හමුදාවේ සහාය ඇතිව විපතට පත්වූවන් බේරා ගැනීමේ මෙහෙයුම සිදු කරන බවත් බංග්ලාදේශයේ ආපදා කළමනාකරණ ඒකකය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
The post බංග්ලාදේශ ගංවතුරට 13ක් බිලි appeared first on දිනමිණ.







