Home World News Room : පෞද්ගලික තොරතුරු ආරක්ෂා කිරීමට චීනයෙන් ඩිජිටල් හැඳුනුම්පත් පද්ධතියක්

News Room : පෞද්ගලික තොරතුරු ආරක්ෂා කිරීමට චීනයෙන් ඩිජිටල් හැඳුනුම්පත් පද්ධතියක්

0
0

අන්තර්ජාල සේවා සැපයුම්කරුවන් විසින් පෞද්ගලික දත්ත එක්රැස් කිරීම සහ රඳවා තබා ගැනීම අවම කිරීමේ අරමුණින් චීනය නව ඩිජිටල් හැඳුනුම්පත් පද්ධතියක් හඳුන්වා දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෙමගින් පෞද්ගලික හා ව්‍යාපාරවල දත්ත හැසිරවීම සම්බන්ධව උද්ගත වන ගැටලු හා අවදානම සැලකිය යුතු ප්‍රමාණයකින් අවම බව බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ වනවිට චීනයේ ක්‍රියාත්මක වන සමාජ මාධ්‍යජාලා ඉලක්ක කරමින් හඳුන්වාදීමට නියමිත නව ඩිජිටල් හැඳුනුම්පත් පද්ධතිය ආකෘති දෙකකින් යුතුව එරට පුරවැසියන්ගේ සැබෑ තොරතුරු ආරක්ෂා කර ගැනීමට ඉවහල් වනු ඇතැයි ද, එමගින් ග්‍රාහකයන්ට සිය පෞද්ගලික ජීවිතයේ තොරතුරු සැපයීමේ අවශ්‍යතාවයෙන් ඉවත්වීමට හැකියාව ලැබෙනු ඇතැයිද වැඩිදුරටත් වාර්තා වේ.

චීන රජයේ සේවා ආයතනයකින් පාලනය කිරීමට නියමිත ඩිජිටල් හැඳුනුම්පත් පද්ධතිය ක්‍රියාත්මක වීමෙන් එරට සමාජ මාධ්‍යජාලයට නව ග්‍රාහකයන් වැඩි පිරිසක් එක්වනු ඇතැයි ද අනුමාන කර තිබේ. කෙසේ වුවත් මෙමගින් චීන රජයට සිය පුරවැසියන්ගේ අනන්‍යතාව හෙළි කරගැනීමට සහ විදේශීය පාර්ශ්ව සඳහා ඔත්තු සැපයීමේ ක්‍රියාවලියට සම්බන්ධවූවන් හඳුනා ගැනීමට වැඩි ඉඩකඩ නිර්මාණය වනු ඇතැයි නිව්යෝර්ක් ටයිම්ස් පුවත් සේවය වාර්තා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here