Home World News Room : ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජයේ නියෝගයෙන් රැවුල වවා නැති ආරක්ෂක සෙබළු...

News Room : ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජයේ නියෝගයෙන් රැවුල වවා නැති ආරක්ෂක සෙබළු 281ක් දොට්ට

2
0

තලේබාන් සංවිධානයේ නීතිරීතිවලට අනුව රැවුල නොවැවීමේ වරදට ඇෆ්ගනිස්තානයේ ආරක්ෂක අංශයේ සාමාජිකයන් 281 දෙනකු රැකියාවෙන් පහ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එරට සදාචාරය පිළිබඳ අමාත්‍යාංශයේ නියෝගය මත එම පියවර ගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එම අමත්‍යාංශයේ සැලසුම් හා නීති සම්පාදක අධ්‍යක්ෂවරයා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර ඇත්තේ ඉස්ලාමීය නීතිය පිළිබඳ තලේබාන් රජයේ අර්ථ නිරූපනයට අනුව රැවුල වවා නොමැති ආරක්ෂක අංශයේ සාමාජිකයන් සේවයෙන් ඉවත් කිරිමට පියවර ගත් බවය. දැඩි ඉස්ලාම් මතධාරි ප්‍රතිපත්තියකට අනුව කටයුතු කරන ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය එරට සංස්කෘතික කටයුතු දැඩි ලෙස සීමා කර ඇතැයි ද, පසුගිය වසරේදී පමණක් සංගීත භාණ්ඩ විසිඑක් දහසකට වැඩි ප්‍රමාණයක් විනාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here