Home World News Room : ලන්ඩනයේ සමර්සෙට් හවුස් කෞතුකාගාරයේ ගින්නක්

News Room : ලන්ඩනයේ සමර්සෙට් හවුස් කෞතුකාගාරයේ ගින්නක්

0
0

එංගලන්තයේ මධ්‍යම ලන්ඩනයේ තේම්ස් නදියට මුහුණ ලා පිහිටි පෞරාණික කලා කෞතුකාගාරයක් වන සමර්සෙට් හවුස් ගොඩනැඟිල්ලේ පසුගියදා ගින්නක් හටගත් බව එරට මාධ්‍ය වාර්තා කළේය. ලෝක ප්‍රකට චිත්‍ර ශිල්පීන්ගේ අතිශය වටිනා පැරැණි නිර්මාණ ඇතුළත් එම කලා කෞතුකාගාරයේ ගින්න හටගෙන ඇත්තේ කාර්යාල හා ගබඩා කුටි තිබූ කොටසේ බැවින් චිත්‍ර නිර්මාණවලට කිසිදු හානියක් සිදු නොවූ බව කෞතුකාගාර භාරකාර මණ්ඩලයේ අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර ඇත. ගින්න නිවීම සඳහා ගිනි නිවන භටයන් 150කට ආසන්න පිරිසක් පසුගිය සෙනසුරාදා දිනය පුරා සිය මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබූ අතර, ඊයේ වන විට සමර්සෙට් හවුස් කෞතුකාගාරය නැවත මහජනතාවට විවෘත කර තිබු බවත් වාර්තා වේ. එහෙත් එම ගොඩනැඟිල්ලේ ගින්නට හසුවූ කොටස නැවත දැනුම් දෙනතුරු වසාදමා ඇතැයි ද වාර්තා වේ. ජෝර්ජියානු යුගයේ ඉදිකරනු ලැබූ එම ගොඩනැඟිල්ල එවකට රාජකීය මාලිගාවක් ලෙස පැවැති බවත්, පසුව විශිෂ්ට කලා කෘති ඇතුළත් කෞතුකාගාරයක් බවට පරිවර්තනය වී තිබේ.

The post ලන්ඩනයේ සමර්සෙට් හවුස් කෞතුකාගාරයේ ගින්නක් appeared first on දිනමිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here