Home Sport News Room : 15න් පහළ පළමු කොටසේ ක්‍රිකට් රාජ­කීය-වෙස්ලි අව­සන් පූර්ව තර­ගය...

News Room : 15න් පහළ පළමු කොටසේ ක්‍රිකට් රාජ­කීය-වෙස්ලි අව­සන් පූර්ව තර­ගය අද

0
0

අවු­රුදු 15න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තර­ගා­ව­ලියේ පළමු අව­සන් පූර්ව තර­ගය අද (16) කොළඹ මැලේ ක්‍රිකට් සමාජ ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැත්වේ.

එහිදී පසු­ගිය ශූර කොළඹ රාජ­කීය විදු­හල සම­ඟින් කොළඹ වෙස්ලි විදු­හල තරග වදියි.
පළමු වටයේ තම කාණ්ඩයේ ශූර­යන් ලෙස දෙවැනි වට­යට එක්වූ කොළඹ රාජ­කීය විදු­හල එහිදී අම්බ­ල­න්ගොඩ ධර්මා­ශෝක විදු­හ­ලත්, තෙවැනි වට­යේදී ගාල්ල මහින්ද විදු­හල් පරා­ජය කර­මින් අර්ධ අව­සන් පූර්ව වට­යට එක්විය. එම වට­යේදී මහ­නු­වර සාන්ත සිල්වෙ­ස්තර විදු­හල පර­ද­ව­මින් ඔවුහු මේ තර­ග­යට සුදු­සු­කම් ලැබූහ.

කොළඹ වෙස්ලි විදු­හල ද පළමු වටයේ තම කාණ්ඩයේ ශූර­යන් වූ අතර, දෙවැනි වට­යේදී අම්බ­ල­න්ගොඩ පී. ද එස්. කුල­රත්න විදු­හ­ලත්, තෙවැනි වට­යේදී කොළඹ තර්ස්ටන් විදු­හ­ලත් පර­දවා අර්ධ අව­සන් වට­යට පිවිසි වෙස්ලි පිල එහිදී වෙන්න­ප්පුව සාන්ත ජෝසප් වාස් විදු­හල පරා­ජය කළේය. රාජ­කීය පිල දුෂේන් උඩ­වෙල මෙහෙ­ය­වන අතර, බිනෝත් සන්දිල් වෙස්ලි පිල මෙහෙ­ය­වයි.

ඉෂානි යද්දෙහි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here