Home World News Room : බංග්ලාදේශයේ හින්දු ජාතිකයන්ට සහාය පළ කර ධවල මන්දිරය ඉදිරිපිට...

News Room : බංග්ලාදේශයේ හින්දු ජාතිකයන්ට සහාය පළ කර ධවල මන්දිරය ඉදිරිපිට විරෝධතා

0
0

ශෙයික් හසීනා රටින් පිටවීමෙන් පසු බංග්ලාදේශයේ සුළුතර හින්දු ජාතිකයන්ට සිදුවූ විවිධ හිංසනකාරී සිදුවීම්වලට එරෙහිව අමෙරිකාවේ ධවල මන්දිරය ඉදිරිපිට දැවැන්ත විරෝධතා රැලියක් පවත්වා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අමෙරිකාවේ සිටින හින්දු ජාතිකයන් විශාල පිරිසක් එම විරෝධතා රැලියට සහභාගි වී ඇති අතර, බංග්ලාදේශයේ සිටින හින්දු ජාතිකයන්ට සහ සෙසු සුළුතර ජාතීන්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා නැවැත්වීමට පියවර ගන්නා ලෙස අමෙරිකානු රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

බංග්ලාදේශයේ සහ අමෙරිකානු ජාතික ධජ ඔසවමින් සාමය ස්ථාපිත කිරීමට පියවර ගන්නා ලෙසත්, බංග්ලාදේශයේ හින්දු ජාතිකයන් ආරක්ෂා කර දෙන ලෙසත් විරෝධතාකරුවන් උද්ඝෝෂණය කර ඇතැයි ද වාර්තා වේ. එම විරෝධතා රැලියට අමෙරිකාවේ විවිධ පළාත්වලින් පැමිණි මානව හිමිකම් සංවිධාන, බංග්ලාදේශ ඩයස්පෝරාව, ඉන්දීය- අමෙරිකා හින්දු සන්ධානයේ සාමාජිකයන් විශාල පිරිසක් එක්වී සිටි බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here