Home World News Room : සිය පුරවැසියන්ට ආරක්ෂාව දෙන්නැයි චීන රජය පාකිස්තානයෙන් ඉල්ලයි

News Room : සිය පුරවැසියන්ට ආරක්ෂාව දෙන්නැයි චීන රජය පාකිස්තානයෙන් ඉල්ලයි

0
0

සිය පුරවැසියන්ට පාකිස්තානයේදී එල්ල වන ප්‍රහාර වැළැක්වීමට රජය අසමත් වීම හේතුවෙන් එරට ක්‍රියාත්මක වන චීන- පාකිස්තාන ආර්ථික කොරිඩෝව ව්‍යාපෘතියට දැඩි බලපෑම් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ වන විට ආරම්භ වීමට නියමිතව ඇති එම ව්‍යාපෘතියේ දෙවැනි අදියරට පෙර එහි සේවය කරන සිය පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස චීනය පාකිස්තාන රජයට දැනුම් දී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

පාකිස්තානයේ යටිතල පහසුකම් සහ බලශක්ති ව්‍යාපෘතිය අමෙරිකානු ඩොලර් බිලියන 62 ක ආයෝජන ව්‍යාපෘතියක් වන අතර, චීන ඉංජිනේරුවරුන්ට සහ කම්කරුවන්ට එල්ල වන ප්‍රහාර හේතුවෙන් දෙරට අතර සබඳතාව ද සැලකිය යුතු අයුරින් බිඳවැටී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

මේ වසරේ මාර්තු මාසයේදී පමණක් පාකිස්තානයේ ස්ථාන 5කදී එල්ල වූ ප්‍රහාරවලින් චීන ජාතිකයන් පස්දෙනකුට ජීවිත අහිමි වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම ප්‍රහාරවලින් පාකිස්තාන ජාතිකයන් 13 දෙනකු ද ජීවිතක්ෂයට පත්වී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here