Home World News Room : ඔස්ට්‍රේලියාවේ හෝටලයක වහලයක් මතට හෙලිකොප්ටරයක් කඩා වැටී නියමුවා මරුට

News Room : ඔස්ට්‍රේලියාවේ හෝටලයක වහලයක් මතට හෙලිකොප්ටරයක් කඩා වැටී නියමුවා මරුට

0
0

ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ කෙයාර්න්ස් නුවර හෝටලයක වහලයක් මතට හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් එහි නියමුවා ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ මොහොතේ හෙලිකොප්ටර් යානයේ ගමන් කර ඇත්තේ නියමුවා පමණක් බව ද වාර්තා වේ. හෙලිකොප්ටර් යානය කඩා වැටී ඇත්තේ කෙයාරන්ස් නුවර පිහිටි හිල්ටන් හෝටල සමූහයට අයත් ඩබල් ට්‍රී නමැති හෝටලය මතට බවත්, අනතුරත් සමඟ වහලය ගිනි ගැනීම හේතුවෙන් හෝටලයේ රැඳී සිටි අමුත්තන් සිය ගණනක් ඉවත් කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ. හෙලිකොප්ටර් අනතුරින් අමුත්තන් දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

හෙලිකොප්ටර් යානයේ කාර්මික දෝෂයක් හේතුවෙන් අනතුර සිදුවන්නට ඇතැයි ක්වීන්ස්ලන්ඩ් පොලිසිය අනුමාන කර ඇති අතර, වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here