Home World News Room : ජාතිවාදයට එරෙහිව එංගලන්තයේ ජනතාව විරෝධතා රැලි අරඹයි

News Room : ජාතිවාදයට එරෙහිව එංගලන්තයේ ජනතාව විරෝධතා රැලි අරඹයි

0
0

ජාතිවාදයට එරෙහිව සහ සංක්‍රමණිකයන්ට සහාය පළ කරමින් දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් එංගලන්තය පුරා වීදි බැස සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම විරෝධතා ආරම්භ වී ඇත්තේ මීට සති කිහිපයකට පෙර එංගලන්තය පුරා මුස්ලිම් ජාතිකයන් හා සංක්‍රමණිකයන්ට එරෙහිව ප්‍රහාර එල්ල වීම හේතුවෙනි.

ලන්ඩනයේ සවුත්පෝර්ට් ප්‍රදේශයේ නර්තන ඇකඩමියකට කඩා වැදුණු සංක්‍රමණික මුස්ලිම් ජාතික තරුණයකු විසින් සිදු කරනු ලැබූ පිහි ඇනුමකින් කුඩා දැරියන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වීමෙන් පසු ආරම්භ වූ ප්‍රචණ්ඩකාරි කණ්ඩායම් වෙතින් සංක්‍රමණිකයන්ගේ නවාතැන් මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල වූ අතර, මුස්ලිම් ජාතිකයන්ගේ නිවාස හා කඩසාප්පු කොල්ලකෑමට ලක් වූ අතර, ගිනිතැබීමට ද හසු විය. ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු එරට අන්ත දක්ෂිණාංශික කණ්ඩායම් මැඬ පැවැත්වීමට පොලිසියට හා කැරලි මර්දන ඒකකයට නොහැකි වූ බවද වාර්තා වේ.

ජාතිවාදයට එරෙහි විරෝධතා බර්මින්හැම්, කාඩිෆ්, ග්ලාස්ගෞව්, ලන්ඩන් සහ බෙල්ෆාස්ට් වැනි නගර රැසක පැවැති බවත්, ඊට දහස් සංඛ්‍යාත ජනතාව එක්වී සිටි බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here