Home Sport News Room : මිනුෂට ආසියානු කායවර්ධන රන් පදක්කමක්

News Room : මිනුෂට ආසියානු කායවර්ධන රන් පදක්කමක්

0
0

ආසියානු කායවර්ධන සහ කායික ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික ක්‍රීඩා සම්මේලනය නියෝජනය කරමින් එක්වූ මිනුෂ ප්‍රේමසිංහ සමත් විය. ඉන්දුනීසියාවේදී 56 වැනි වරට පැවැත්වෙන මේ තරගාවලියේදී කායික ක්‍රීඩා උස සෙන්ටිමීටර් 180ට වැඩි කාණ්ඩයෙන් තරග කරමින් මිනුෂ මේ පදක්කම දිනා ගත්තේය. ඔහු දැනට ඩුබායි රාජ්‍යයේ කායවර්ධන පුහුණුකරුවකු ලෙස කටයුතු කරයි. මේ අතර කාන්තා කායික ක්‍රීඩා උස සෙන්ටිමීටර් 165ට වැඩි ඉසව්වේදී ලෝකඩ පදක්කම දිනා ගැනීමට මධුෂ අමරසිංහ සමත් වූවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here