Home Sport News Room : දකුණු ආසියාවේ එකම රන් පදක්කමට කෝටි 18ක මුදල් තෑග්ගක්

News Room : දකුණු ආසියාවේ එකම රන් පදක්කමට කෝටි 18ක මුදල් තෑග්ගක්

1
0

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේදී දකුණු ආසියානු කලාපයේ රටක් දිනාගත් එකම රන් පදක්කම හිමි වූ පාකිස්තානයේ අර්ෂාඩ් නදීම්ට පාකිස්තාන රජය රුපියල් මිලියන 151ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 17) ඒකාබද්ධ මුදල් ත්‍යාගය ප්‍රකාශයට පත් කළේය. එයට අමතරව ඔලිම්පික් තරග සංවිධායක කමිටුව රන් පදක්කම වෙනුවෙන් ලබාදෙන අමෙරිකානු ඩෝලර් 50000ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1.5) මුදල ඔහු වෙත පිරිනැමීය. ඒ අනුව අර්ෂාඩ් නදීම් දිනාගත් ඔලිම්පික් රන් පදක්කම වෙනුවෙන් මේ වන විට ශ්‍රී ලංකා රුපියල් කෝටි 18කට වැඩි මුදලක් හිමිව තිබේ.

එයට අමතරව පාකිස්තාන රජය විසින් පිරිනමන එරට ඉහළම සිවිල් සම්මානය වන හිලාල් ඊ ඉමිටියාස් සම්මානය පිරිනමන බව ජනාධිපති අසීෆ් අලි සර්දාරි මහතා නිවේදනය කළේය.

හෙල්ල විසි කිරීමේ දැවැන්තයකු වූ අර්ෂාඩ් නදීම් වසර 40කට පසු පාකිස්තානයේ පළමු ඔලිම්පික් රන් පදක්කම ස්ටේට් ඩී ෆ්‍රාන්ස් ක්‍රීඩාංගණයේදී දිනා ගත්තේය. මෙතෙක් හෙල්ල විසිකිරීමේ ඔලිම්පික් රන් පදක්කම දිනා සිටි ඉන්දියාවේ නිරාජ් චොප්රා (මීටර් 89. 45) දෙවැනි තැනට ඇද දමමින් 27 හැවිරිදි අර්ෂාඩ් තම දෙවන විසිකිරීමේදී මීටර් 92.97ක දැවැන්ත දක්ෂතාවක් දැක්වූවේය. එය ඔලිම්පික් වාර්තාවක් වූ අතර, 2008 බීජිංහිදී නෝර්වේ ජාතික ඇන්ඩ්‍රියාස් තොරිකිඩ්සන් විසින් පිහිටුවා තිබූ මීටර් 90.57ක වාර්තාව මකා දැමුවේය.

ප්‍රින්ස් ගුණසේකර ප්‍රංශයේ පැරිස් නුවර සිට…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here