Home Sport News Room : ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගැන ලැබුණු සුබ ආරංචිය

News Room : ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගැන ලැබුණු සුබ ආරංචිය

0
0

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා කණ්ඩායම එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ තිබේ.

එම ශ්‍රේණිගත කිරීම්වලට අනුව මෙතෙක් 7 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම 6 වැනි ස්ථානයට පැමිණ ඇත.

පසුගියදා ඉන්දියාව සමඟ පැවති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග 2ට 0ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගැනීමත් සමඟ මෙලෙස ශ්‍රේණිගත කිරීම්වල ඉහළට පැමිණ තිබේ.

එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ ඉන්දීය කණ්ඩායම තවදුරටත් රැඳී සිටින අතර දෙවන ස්ථානයට ඔස්ට්‍රේලියා කණ්ඩායමත් තුන්වන ස්ථානයට දකුණු අප්‍රිකා කණ්ඩායමත් පැමිණ සිටියි.

එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ හතරවන ස්ථානය පාකිස්තානයට හිමිවී ඇති අතර පස්වැනි ස්ථානයේ පසුවන්නේ නවසීලන්තයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here