Home World News Room : යූනුස් බංග්ලාදේශයේ ප්‍රධානියා ලෙස දිවුරුම්දෙයි

News Room : යූනුස් බංග්ලාදේශයේ ප්‍රධානියා ලෙස දිවුරුම්දෙයි

0
0

බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධානියා ලෙස මුහම්මද් යුනුස් දිවුරුම්දී ඇත.

ඒ අනුව මෙලෙස ඔහු දිවුරුම්දී ඇත්තේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා ඉල්ලා අස්වී අසල්වැසි ඉන්දියාවට පලාගොස් දින 3 කට පසුවය.

84 හැවිරිදි යුනුස් දිවුරුම් දුන්නේ ඩකා හි ජනාධිපති මන්දිරයේ පැවති උත්සවයකදී වන අතර දේශපාලන නායකයින්, සිවිල් සමාජ නායකයින්, ජෙනරාල්වරුන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් එම අවස්ථාවට සහභාගී වී තිබේ.

ප්‍රංශයේ සිට බංග්ලාදේශය වෙත පැමිණි යූනුස් පවසා තිබුණේ බංග්ලාදේශයේ බොහෝ දේ කිරීමට ඇති බවය.

බංග්ලාදේශයේ අගමැති ලෙස වසර 15ක් කටයුතු කළ ෂෙයික් හසීනා ජනතා විරෝධය හේතුවෙන් තනතුරෙන් අස්වී රටින් පළා ගියාය. ඇය මේ වනවිට ඉන්දියාවේ සිටින බව සඳහන් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here