Home Sport News Room : රාජ්‍ය සේවා එෆ් කොටසේ ක්‍රිකට් ශූර­තාව අධ්‍යා­පන අමා­ත්‍යාං­ශ­යට

News Room : රාජ්‍ය සේවා එෆ් කොටසේ ක්‍රිකට් ශූර­තාව අධ්‍යා­පන අමා­ත්‍යාං­ශ­යට

1
0

ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රිකට් සංග­මය විසින් සංවි­ධාන කළ රාජ්‍ය සේවා එෆ් කොටසේ ක්‍රිකට් තර­ගා­ව­ලියේ ශූර­තාව දිනා ගැනී­මට අධ්‍යා­පන අමා­ත්‍යාංශ කණ්ඩා­යම සමත් විය.

කොළඹ රාජ­කීය විද්‍යාල ක්‍රීඩාං­ග­ණයේ පැවති අව­සන් තර­ග­යේදී අධ්‍යා­පන අමා­ත්‍යාංශ පිල සබ­ර­ග­මුව විශ්ව­වි­ද්‍යාල පිල ලකුණු 93කින් පැර­ද­වීය.

අධ්‍යා­පන අමා­ත්‍යාංශ පිල ඕවර 40කදී කඩුලු 7ක් පම­ණක් දැවී ලකුණු 293ක් රැස් කළ අතර, අධ්‍යා­පන අමා­ත්‍යාංශ පිල වෙනු­වෙන් පිත්තෙන් දස්කම් දැක්වූ තරිඳු මධු­වන්ත පන්දු 81කදී හතරේ පහර 10ක් සහ හයේ පහර 8ක් සම­ඟින් ලකුණු 127ක් රැස් කළේය.

අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය – 293/7 (ඕවර 40) තරිඳු මධු­වන්ත 127, සුදේෂ් ඉඳු­නිල් 36, ඉෂාර දෙව්නිත 27, ඩිල්ෂාන් මධු­රංග 24 (ශෂික මධු­සංක 41/3, දිනුක මධු­ෂාන් 55/2)

සබ­ර­ග­මුව විශ්ව­වි­ද්‍යා­ලය – 200 (ඕවර 38.5) කුෂාන් හේම­චන්ද්‍ර 53, ශෂික මධු­සංක 53, දිනුක මධු­ෂාන් 33 (තරිඳු මධු­වන්ත 21/2, චින්තක සුමින්ද 24/2, සුදේෂ් ඉඳු­නිල් 31/2)

ඉෂානි යද්දෙහි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here