Home Sport News Room : සාම්ප්‍ර­දා­යික ක්‍රීඩා­වට ලොවම එක් වෙයි

News Room : සාම්ප්‍ර­දා­යික ක්‍රීඩා­වට ලොවම එක් වෙයි

1
0

ලොව විවිධ රට­ව­ලට ආවේ­ණික සාම්ප්‍ර­දා­යික ක්‍රීඩා­වන් එකම තැන­කට එක් කරන ලෝක නොමැඩ් ක්‍රීඩා උලෙළ (World Nomad Games) 5 වැනි වර­ටත් මේ වසරේ කස­ක­ස්තා­න­යේදී පැවැත්වේ.

විවිධ රට­වල ජන ක්‍රීඩා­වල දැනු­ව­ත්භා­වය වැඩි කිරීම, ව්‍යාප්ත කිරීමේ ක්‍රියා­කා­ර­ක­ම්වල නියැ­ළීම මූලික කර­ගත් ජාත්‍ය­න්තර ආය­ත­නය වන World Ethnosport Confederation (WEC) මූලි­ක­ත්ව­යෙන් මේ ක්‍රීඩා උලෙළ සංවි­ධාන වෙයි. Ethnosport යන වච­න­යෙන් ප්‍රකාශ වන ජන ක්‍රීඩා සහ ඒ හා බැඳුණු සංස්කෘ­තීන් යළි මේ යුග­ල­යට එක් කර­මින් විශ්වී­ය­ක­ර­ණය කිරීම WEC අර­මුණ වෙයි.

මේ ක්‍රීඩා උලෙළ සංවි­ධාන වන 5 වැනි අව­ස්ථාව මෙය වන අතර, 2014 වසරේ පළමු වරට මේ ක්‍රීඩා උලෙළ පැවැ­ත්වූයේ කිරි­ගි­ස්තා­න­යේ­දීය. රට­වල් 19කින් තර­ග­ක­රු­වන් 583කගේ සහ­භා­ගි­ත්ව­යෙන් එවර ක්‍රීඩා උලෙළ ඉසව් 10කින් සම­න්විත වූ අතර, දෙවැනි සහ තෙවැනි ක්‍රීඩා උලෙළ ද කිරි­ගි­ස්තා­න­යේදී 2016 ක්‍රීඩා ඉසව් 26කින් රට­වල් 62ක තර­ග­ක­රු­වන් 1200ක් සහ 2018දී රට­වල් 82කින් තර­ග­ක­රු­වන් 2000ක් ඉසව් 37ක් ලෙස තරග පැව­ත්විණි. අව­සන් වරට තුර්කියේ දී 2022 වසරේ පැවති ක්‍රීඩා උලෙළ ඉසව් 13කින් සම­න්විත වූ අතර, එවර රට­වල් 102ක තර­ග­ක­රු­වන් 3000ක් ක්‍රීඩා උලෙළ නියෝ­ජ­නය කළහ.

මෙවර ක්‍රීඩා උලෙ­ළට ද රට­වල් 100කින් තර­ග­ක­රු­වන් 3000ක් පමණ එක්වනු ඇතැයි සංවි­ධා­ය­ක­යන්ගේ අපේ­ක්ෂාව වී තිබේ. ක්‍රීඩා 21කින් තරග පැවැ­ත්වෙන අතර, අශ්ව රේස්, ජාතික මල්ල­ව­පොර, සාම්ප්‍ර­දා­යික බුද්ධි­මය ක්‍රීඩා, සටන් කලාවේ තරග, සාම්ප්‍ර­දා­යික දුනු ශිල්පය, ජාතික පක්ෂීන් සමඟ දඩ­යම් කිරීම, අශ්ව රේසිං සහ ජන ක්‍රීඩා ඊට ඇතු­ළත් වේ.

එහිදී රන් පද­ක්කම් 97ක් පිරි­නැ­මී­මට නිය­මි­තය.

මෙවර ක්‍රීඩා උලෙළ සඳහා ශ්‍රී ලංකා­වෙන් ද කණ්ඩා­ය­මක් එක් කිරී­මට බලා­පො­රොත්තු වන බව මේ ක්‍රීඩා උලෙ­ළට සම්බ­න්ධව මෙරට නියෝ­ජි­තයා ලෙස කට­යුතු කරන ශ්‍රී ලංකා ජන ක්‍රීඩා සම්මේ­ල­නයේ නිර්මාතෘ උදිත පීරිස් මහතා පව­සයි.

නිරෝ­ෂාන් ප්‍රියං­කර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here