Home World News Room : නැඟෙ­න­හිර චීනයේ කන්ටේ­නර් නෞකා­වක පිපි­රී­ම­කින් පර්ය­න්ත­යට හානි

News Room : නැඟෙ­න­හිර චීනයේ කන්ටේ­නර් නෞකා­වක පිපි­රී­ම­කින් පර්ය­න්ත­යට හානි

1
0

නැඟෙ­න­හිර චීනයේ ෂෙජියැං ප්‍රාන්තයේ පිහිටි ලොව කාර්ය­බ­හු­ල­තම වරා­යක් වන නිංග්බෝ ෂෞෂාන් වරායේ බහා­ලුම් පර්ය­න්තයේ නැංගූ­රම් ලා තිබූ බහා­ලුම් නෞකා­වක ඊයේ පස්ව­රුවේ විශාල පිපි­රී­මක් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊයේ පස්වරු 1.45ට පමණ එම පිපි­රීම සිදුවී ඇත්තේ යාං මිං මැරීන් ප්‍රවා­හන සමා­ග­මට අයත් වයි එම් මොබි­ලිටි නමැති අන්ත­රා­ය­කර ද්‍රව්‍ය බහා­ලුම් නෞකා­වක බවත්, එය ගිනි ගැනී­මත් සමඟ එම වරායේ අංක 2 පර්ය­න්තය ගිනි ගැනී­ම­කට ලක් වී ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

කෙසේ වුවද එම පිපි­රී­මෙන් ජීවිත හානි කිසි­වක් සිදු නොවූ බවත්, ගිනි නිවන ඒකක වහා ක්‍රියා­ත්මක වී ගින්න මැඬ පැවැ­ත්වී­මට කට­යුතු කර ඇති බවත් විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය. එම වරායේ පාල­නා­ධි­කා­රිය පිපි­රී­මට හේතුව මේ වන විට විම­ර්ශ­නය කර­මින් සිටින බව ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here