Home Sport News Room : බළ­න්ගොඩ ක්‍රීඩා සමා­ජ­ව­ලට උප­ක­රණ බෙදා දෙයි

News Room : බළ­න්ගොඩ ක්‍රීඩා සමා­ජ­ව­ලට උප­ක­රණ බෙදා දෙයි

1
0

සබ­ර­ගමු පළාත් ආණ්ඩු­කාර අධි­නී­තිඥ නවීන් දිසා­නා­යක මහ­තාගේ මුදල් ප්‍රති­පා­දන යටතේ බළ­න්ගොඩ ක්‍රීඩා සමාජ වෙත ක්‍රීඩා උප­ක­රණ බෙදා දීම ආණ්ඩු­කාර තරුණ කට­යුතු සම්බ­න්ධී­ක­රණ ලේකම් හා එක්සත් ජාතික පක්ෂයේ බළ­න්ගොඩ ආසන සංවි­ධා­යක ලසන්ත විජේ­රිය මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පසු­ගි­යදා සිදු කෙරිණි.

බළ­න්ගොඩ මිලේ­නි­යමි ක්‍රීඩා සමා­ජය, එක­මුතු ක්‍රීඩා සමා­ජය, පෙට්ටි­ගල ක්‍රීඩා සමා­ජය, නිව් රෙන්ජර් ක්‍රීඩා සමා­ජය සහ උඩ­ගම ක්‍රීඩා සමා­ජය නියෝ­ජ­නය කර­මින් ක්‍රීඩ­කයෝ රැසක් පැමිණ මේ ක්‍රීඩා උප­ක­රණ ලබා ගත්හ.

මෙහි දෙවැනි අදි­යර යටතේ තවත් ක්‍රීඩා උප­ක­රණ බළ­න්ගොඩ ආස­නයේ ඇති සෙසු ලියා­ප­දිංචි ක්‍රීඩා සමාජ වෙත බෙදා දීම ඉදි­රි­යේදී සිදු කෙරෙන බව ලසන්ත විජේ­රිය මහතා මෙහිදී පැව­සීය.

බළ­න්ගොඩ විශේෂ සම්පත් ප්‍රිය­න­න්දන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here