Home World News Room : රටවල් 06කට චීනයෙන් වීසා රහිත ප්‍රවේශ පහසුකම්

News Room : රටවල් 06කට චීනයෙන් වීසා රහිත ප්‍රවේශ පහසුකම්

0
0

ස්විට්සර්ලන්තය, අයර්ලන්තය, හංගේරියාව, ඔස්ට්‍රියාව, බෙල්ජියම සහ ලක්සම්බර්ග් යන රටවල් හයේ සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර දරන්නන් සඳහා චීනය වීසා නිදහස් කරයි.

අත්හදා බැලීමක් ලෙස ආරම්භ කෙරෙන මෙම ක්‍රමවේදය අද (14) සිට බලාත්මක වේ.

මාර්තු පළමුවැනිදා චීන-තායිලන්ත අන්‍යෝන්‍ය වීසා නිදහස් කිරීමේ ගිවිසුම නිල වශයෙන් ක්‍රියාවට නැංවීමෙන් පසු චීනයේ ‘වීසා රහිත මිතුරු කවය’ යළි පුළුල්වීමක් ලෙස මෙය සැලකේ.

අදාළ ප්‍රතිපත්තියට අනුව, අද (14) සිට නොවැම්බර් 30 වැනිදා අතර කාලය තුළ, ස්විට්සර්ලන්තය ඇතුළු රටවල් 6 ක සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර දරන්නන්‍ට, ව්‍යාපාර, සංචාරක හා නෑදෑ හිතවතුන් හමුවීම සඳහා දින 15 කට නොවැඩි කාලයක සංක්‍රමණයක් වෙනුවෙන් චීනයට පැමිණීමේ දී වීසා අයදුම් කිරීම අවශ්‍ය නොවේ.

එහෙත් එම රටවල පුද්ගලයන් වීසා නිදහස් කිරීමට අදාළ කොන්දේසි සපුරා නොමැති අවස්ථාවක දී චීන වීසා බලපත්‍රයක් අයදුම් කළ යුතු ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here