Home World News Room : පාකිස්තාන ජාතිකයන්ගේ ගෝලීය ජාවාරමක් ස්පාඤ්ඤයේදී හසුවෙයි

News Room : පාකිස්තාන ජාතිකයන්ගේ ගෝලීය ජාවාරමක් ස්පාඤ්ඤයේදී හසුවෙයි

0
0

ව්‍යාජ මුදල් නෝට්ටු, මිනිස් ජාවාරම් සහ මිසයිල කොටස් සැපයුම් වැනි නීතිවිරෝධී ක්‍රියාකාරකම් තුළින් පාකිස්තාන ජාතිකයන් ගෝලීය ජාවාරමක නිරතව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ බව හෙළි වී ඇත්තේ ගෝලීය ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමක නිරතව සිටි පාකිස්තාන ජාතිකයන් කිහිපදෙනකු පසුගියදා ස්පාඤ්ඤ පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමත් සමඟ බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. අමෙරිකානු ඩොලර් මිලියන 1.1ක් වටිනා ව්‍යාජ යුරෝ නෝට්ටු තොගයක් යුරෝපය සහ ඉන් ඔබ්බට රටවල් රැසක බෙදා හැරීමේ ජාවාරමක තොරතුරු අනාවරණය කරගැනීමට ඒ අනුව හැකිවී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

විශේෂිත තීන්ත වර්ගයක් භාවිත කරමින් මුද්‍රණය කර ඇති එම මුදල් නෝට්ටුවල ජල මුද්‍රාව ද පැහැදිලිව සටහන් වී තිබූ බවත්, නේපාලය, රෝමය සහ ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර කේන්ද්‍ර කරගත් ජාවාරම්කරුවන් මඟින් එම මුදල් නෝට්ටු ඉතාලියට, ප්‍රංශයට, ග්‍රීසියට සහ ස්පාඤ්ඤය තුළ බෙදා හැර ඇති බවත් වැඩිදුරටත් හෙළි වී තිබේ. පසුගිය නොවැම්බරයේදී බාසිලෝනා නුවර ගුවන්තොටුපොළෙන් සහ බස් නැවතුම්පළකින් අත්අඩංගුවට ගත් බෙදාහරින්නන් සතුව යුරෝ 70,000ක ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් හසුවීමෙන් පසු ඉතාලිය සහ ග්‍රීසිය මේ පිළිබඳ සෙසු රටවල් දැනුවත් කර තිබූ බවත් වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here