Home World News Room : සිඩ්නි නුවර සිට ඕක්ලන්ඩ් බලා පියාසර කළ ගුවන් යානයක...

News Room : සිඩ්නි නුවර සිට ඕක්ලන්ඩ් බලා පියාසර කළ ගුවන් යානයක හදිසි තත්ත්වයකින් 50කට තුවාල

2
0

තාක්ෂණික දෝෂයක් බවට නිවේදනයක්

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර බලා පියාසර කරමින් තිබූ චිලී රාජ්‍යයට අයත් ලේටම් ගුවන් සේවයේ ගුවන් යානයක් උඩු ගුවනේදී තාක්ෂණික දෝෂයක් හේතුවෙන් සිදුවූ හදිසි තත්ත්වයකින් මගීන් 50 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේය. එම හදිසි තත්ත්වය හේතුවෙන් ගුවන් යානය දැඩි කම්පනයට හා තිගැස්මට පත්ව සමබරතාව බිඳී ගොස් ඇතැයි ද වාර්තා වේ. ආසන පටි පැලඳ නොසිටි බොහෝ මගීන් සිය අසුන්වලින් පිටතට විසිවී ඇතැයි ද, ඇතැමුන් ගුවන් යානයේ සිවිලිමේ හිස වැදීමෙන් තුවාල ලබා ඇතැයි ද රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

ගුවන් යානය ඕක්ලන්ඩ් නුවරට ගොඩ බස්වා ඇත්තේ චිලී රාජ්‍යයේ සන්තියාගෝ ගුවන්තොටුපොළ ගමනාන්තය කරගත් එම දෛනික ගුවන් ගමනේ එක් ගමනාන්තයක් ලෙස බවටත්, තුවාල ලැබූ මගීන් ඕක්ලන්ඩ් නුවර රෝහල්ගත කළ බවත් වැඩිදුරටත් වාර්තා වේ. මේ තත්ත්වය මත එම ගුවන් යානයේ ඉදිරි මෙහෙයුම් අවලංගු කර ඇති අතර, දින තුනකට පසු නව ගුවන් යානයකින් එම මගීන් ගමනාන්තය කරා රැගෙන යෑමට කටයුතු යොදා ඇතැයි ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here