Home World News Room : චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිවාරය සාර්ථකව අවසන්

News Room : චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිවාරය සාර්ථකව අවසන්

1
0

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවැනි සැසිවාරය සාර්ථකව නිමාවට පත්වෙයි. සමාප්ති උළෙල අද (11) පස්වරුවේ බෙයිජිං අගනුවර මහජන මහා ශාලාවේ දී පැවැත්විණ. එය ආරම්භ වූයේ ඉකුත් 5 වැනිදා යි.

චීන ජනාධිපති ෂී ජින්පිං  ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂයේ හා රජයේ නායකයන් මෙන්ම ජාතික මහජන කොංග්‍රසයේ නියෝජිතයන් 2900ක පමණ පිරිසක් මෙවර සැසිවාරයට එක්වූ අතර චීන අග්‍රාමාත්‍යවරයා සමුළුව ආරම්භයේ දී ඉදිරිපත් කළ රාජ්‍ය කාර්ය වාර්තාව දෙස් විදෙස් ඉහළ අවධානයට ලක්විය.

කලාපීය අනන්‍යතාවට ගැලපෙන පරිදි නව ගුණාත්මක ඵලදායිතාව සහතික කිරීමේ අවශ්‍යතාව මෙවර සැසිවාරයේ දී අවධාරණය කෙරිණ. සැසිවාරයට සහභාගි වූ පළාත් නියෝජිත හමුවලට එක් වූ චීන ජනාධිපතිවරයා රට පුරා පවතින විවිධ මට්ටම්වල පරිපාලනයන් රටේ සැබෑ තත්ත්වයන්ට සරිලන අයුරින්, නවීන ක්‍රමවේද ඔස්සේ ක්‍රියාවට නැංවිය යුතු බව ද පෙන්වා දී ඇත.

චීන අනන්‍යතාව සහිත නවීකරණ ක්‍රියාවලිය හා ජාතික පුනර්ජීවනය ඉදිරියට ගෙන යාමේ දී නව ක්ෂේත්‍රවල උපායමාර්ගික හැකියාව ඉහළ නැංවීමේ වැදගත්කම ද මෙවර ප්‍රමුඛ අවධානය දිනාගත් කරුණකි. විවිධ බාහිර හා අභ්‍යන්තර අභියෝග මධ්‍යයේ වුව ද සිය ඉලක්ක සපුරා ගැනීම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂය ප්‍රමුඛ චීන රජයේ ඇති අධිෂ්ඨානය මෙම නවීකරණ අදහස් තුළින් තවදුරටත් පිළිබිඹු වන බව විචාරකයන් විසින් ද පෙන්වා දෙනු ලැබ ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here