18
රටවල් 111ක රූ රැජනන් අබිබවමින් මේ වසරේ ලෝක රූ රැජන කිරුළ දිනා ගැනීමට චෙක් රාජ්‍යයේ ක්‍රිස්ටිනා පිස්කෝවා සමත් වූවාය. ඉන්දියාවේ මුම්බායි නුවර පසුගියදා පැවැති 71 වැනි ලෝක රූ රැජන තරගයේ කිරුළ දිනූ 23 හැවිරිදි ක්‍රිස්ටිනා නීති සිසුවියක සහ මෝස්තර නිරූපිකාවක ලෙස කටයුතු කරන අතර, චෙක් රාජ්‍යයේ රූ රැජනක් ලෝක රූ රැජන කිරුළ දිනූ දෙවැනි අවස්ථාව මෙය බව වාර්තා වේ. මීට පෙර 2006 දී ටටානා කුචරෝවා ලෝක රූ රැජන කිරුළට හිමිකම් කීවාය. මෙවර තරගයේදී ලෙබනනයේ යැස්මිනා සෙයිතුම් දෙවැනි ස්ථානයට පත්වූවාය.
ලෝක රූ රැජන තරගයක් ඉන්දියාවේ පැවැත්වූයේ වසර 28කට පසුවය. මීට පෙර ඉන්දීය රූ රැජනන් වන රීටා ෆාරියා (1966), ෙඑශ්වර්යා රායි (1994), ඩයනා හේඩ්න් (1997), යුක්තා මුන්කි (1999), ප්‍රියංකා චොප්රා (2000) සහ මනූෂි චිලර් (2017) කිරුළ දිනාගැනීමට සමත් වුවද, මෙවර තරගයට ඉදිරිපත් වූ සිනි ශෙට්ටි අවසන් අටදෙනාගෙන් වටයෙන් ඉවත් වූ බව වාර්තා වේ.






