Home World News Room : VietJet ගුවන්යානයක දරු උපතක් – දිනමිණ

News Room : VietJet ගුවන්යානයක දරු උපතක් – දිනමිණ

2
0

තායිවානයේ, තායිපේ සිට තායිලන්තයේ බැංකොක් දක්වා පියාසර කරමින් තිබූ VietJet ගුවන්යානයකදී කාන්තාවක් දරුවකු ප්‍රසූත කර තිබේ.

ඒ අවස්ථාවේ ගුවන්යානයේ ප්‍රධාන ගුවන් නියමු Jakarin Sararnrakskul, සිය සහායක කාන්තා ගුවන්නියමුවරියට නියමු කුටිය බාරදී දරු ප්‍රසූතිය සිදුකළ කාන්තාවගේ තත්වය පිළිබඳ අවධානයෙන් සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

සිය 18 වසරක සේවා කාලයේදී මෙවැනි අවස්ථාවකට මුහුණ දුන් පළමු අවස්ථාව මෙය බව ගුවන්නියමු Sararnrakskul මාධ්‍ය වෙත පවසා ඇත.

මේ වන විට මව සහ දරුවා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව බැංකොක් ආරංචි මාර්ග තවුරු කර තිබේ.

‌තොරතුරු උපුටා ගැනීම – Dev Kowsala Samarajeewa

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here