Home World News Room : ලෝකේ ලස්සනම කෙල්ල චෙක් ජනරජයෙන්

News Room : ලෝකේ ලස්සනම කෙල්ල චෙක් ජනරජයෙන්

1
0

2024 වසරේ ලෝක රූ රැජින කිරුළ හිමි කර ගැනීමට චෙක් ජනරජයේ ක්‍රිස්ටිනා පිස්කෝවා විසින් ඊයේ (9) සමත් විය.

71 වන ලෝක රූ රැජින කිරුළ ඉන්දියාවේ මුම්බායිහිදී ඊයේ රාත්‍රී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණි. මෙම තරගාවලිය ඉන්දියාවේදී පැවැත්වුණේ වසර 28කට පසුවය.

තරගාවලිය සඳහා රටවල් 115ක තරගකාරිනියන් සහභාගී වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තරගාවලියේ අනුශූරිය ලෙස ලෙබනනයේ යෂ්මිනා සයිටූන් තේරී පත් වුණා.

තරගාවලියේ සත්කාරකත්වය දැරූ ඉන්දියාව නියෝජනය කළ 22 හැවිරිදි සිනී ෂෙට්ටි තරගාවලියේ පළමු 08 දෙනා අතරට තේරී පත් වීම වි‍ශේෂත්වයකි.

ලෝක රූ රැජිණ කිරුළ හිමිකරගත් ක්‍රිස්ටිනා පිස්කෝවා 23 හැවිරිදි වියේ පසුවේ. ඇය නීතිය , ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධිධාරිනියකි.

චෙක් ජන රජය ලෝක රූ රැජිණ කිරුළ අවසන් වරට දිනාගෙන තිබුණේ 2006 වසරේදීය.

The post ලෝකේ ලස්සනම කෙල්ල චෙක් ජනරජයෙන් appeared first on දිනමිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here