Home World News Room : ලොව පැරණිතම වනාන්තරය හමුවෙලා – දිනමිණ

News Room : ලොව පැරණිතම වනාන්තරය හමුවෙලා – දිනමිණ

1
0

විද්‍යාඥයින් පිරිසක් විසින් පසුගියදා නිරිතදිග එංගලන්තයේ වෙරළ තීරයේ ගල්පරවලින් ලොව පැරණිතම පොසිල වනාන්තරය සොයාගෙන තිබේ.

ඒ සමර්සෙට් හි මයින්හෙඩ් නගරය අසල උස් වැලිගල් සහිත කඳුකර ප්‍රදේශයකිනි. .

මෙම වනාන්තරය අයත් ව ඇත්තේ වසර මිලියන 390 කට පෙර කාලයට බව වාර්තා වන අතර කේම්බ්‍රිජ් සහ කාඩිෆ් විශ්ව විද්‍යාලවල පර්යේෂකයන් වැඩිදුරටත් පවසා තිබුනේ මෙය බ්‍රිතාන්‍යයේ මෙතෙක් හමු වූ පැරණිතම පොසිල ගස් වන අතර එය පෘථිවියේ පැරණිතම වනාන්තරය බවයි.

පර්යේෂකයන්ට අනුව සොයාගත් ගස් කැලමොෆයිටන් ලෙස හඳුන්වන අතර ඒවා තල් ගස්වල ට සමානය. එසේම එහි විශාලතම ගස් වල උස ප්‍රමාණය දැක්වෙන්නේ මීටර් දෙකත් හතරත් අතරය. ඒවායේ කොළ නොතිබී ඇති අතර අතු සියගණනක් එක්ව ආවරණය වී තිබී ඇත.

ගස් ක්‍රමයෙන් වැඩෙන විට අතු දිගහැරී ඇති අතර මෙමඟින් ජීවීන්ට වනාන්තර තට්ටුවේ ජීවත් වීමට උපකාර වී ඇති බවත් බීජ දරණ ශාක පරිණාමය වීමට හේතු වී ඇති බවත් සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here