Home Sport News Room : සීඑච් පිල පරදවා හැව්ලොක් පිල ක්ලිෆර්ඩ් කුසලාන අවසන් තරගයට

News Room : සීඑච් පිල පරදවා හැව්ලොක් පිල ක්ලිෆර්ඩ් කුසලාන අවසන් තරගයට

2
0

සීඑච් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති ක්ලිෆර්ඩ් කුසලාන දෙවැනි අවසන් පූර්ව තරගයෙන් ලකුණු 37-27ක ජයක් වාර්තා කරමින් හැව්ලොක් ක්‍රීඩා සමාජය අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඊයේ සමත් විය. කොළඹ තුරඟ තරග පිටියේ පැවැති මේ තරගයේ ආරම්භයේ සිට සීඑච් පිල වෙතින් ප්‍රබල අභියෝගයක් එල්ල වූවද, ලකුණු 14-12කින් පළමු භාගයේ පෙරමුණ ගත් හැව්ලොක් පිල තරගය පුරා ගෝල් 2ක්, උත්සාහක දිනුම් 4ක් සහ දඬුවම් පහරක් වාර්තා කළ අතර, සීඑච් පිල ගෝල් 2ක්, උත්සාහක දිනුම් 2ක් සහ දඬුවම් පහරක් රැස් කළේය.

තරගයේ 48 වැනි මිනිත්තුව වන විට සීඑච් පිල ලකුණු 22-14කින් පෙරමුණ ගැනීමට සමත් වුවද, හැව්ලොක් ක්‍රීඩකයන් 55 වැනි මිනිත්තුවේදී ලකුණු සංඛ්‍යාව 22-22කින් සමකර ගත් අතර, 62 වැනි මිනිත්තුවේදී උත්සාහක දිනුමක් තබමින් ලකුණු 27-22කින් ඉදිරියට ගියේය. එහෙත් 70 වැනි මිනිත්තුවේදී උත්සාහක දිනුමකින් ලකුණු සංඛ්‍යාව 27-27කින් සමකර ගත් සීඑච් ක්‍රීඩකයෝ ප්‍රබල අභියෝගයක් එල්ල කළහ. අවසන් මිනිත්තු 10 දී උත්සාහක දිනුම් දෙකක් තැබූ හැව්ලොක් පිල ලබන 9 වැනිදා පොලිස් ක්‍රීඩා සමාජය සමඟ අවසන් මහා තරගයට සුදුසුකම් ලබමින් ජය තහවුරු කරගත්තේය.

ෆවුස් මොහොමඩ්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here