Home World News Room : වසර 2023 අවසානයේ ඉන්දියාවේ ආර්ථිකය 8.4%කින් ඉහළ ගිහින්

News Room : වසර 2023 අවසානයේ ඉන්දියාවේ ආර්ථිකය 8.4%කින් ඉහළ ගිහින්

2
0

වසර 2023 අවසන් වන විට ඉන්දියාව විමතිය දනවනසුලු ආර්ථික වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි එරට සංඛ්‍යාලේඛන මඟින් තහවුරු වන බව සීඑන්එන් පුවත් සේවය වාර්තා කළේය. එය අගමැති නරේන්ද්‍ර මෝදිට තුන්වැනි ධුර කාලය ලබා දිය හැකි මැතිවරණයක් පසුබිම නිර්මාණය කර ඇතැයි ද සීඑන්එන් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.
වසර 2022ට සාපේක්ෂව 2023 වසරේදී ලොව වේගවත්ම වර්ධන ආර්ථිකයක් පෙන්නුම් කර ඇති ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදනය එම වසරේ අවසන් කාර්තුව තුළ 8.4% ක අගයක් ගෙන ඇතැයි එම සංඛ්‍යාලේඛනවල සඳහන් වන බව වාර්තා වේ. ඊට පෙර කාර්තුවේ එනම් 2023 ජූනි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා කාලය ඇතුළත ඉන්දියාවේ දේශීය දළ නිෂ්පාදන වේගය 7.6%ක් ලෙස සටහන් වූ බවද වාර්තා වේ. එම වාර්තාව ඉන්දියාවේ ආර්ථික විශ්ලේෂකයන් බලාපොරොත්තු වූවාට වඩා බෙහෙවින් ශක්තිමත් ආර්ථික වර්ධනයක් බව සීඑන්එන් පුවත් සේවය වාර්තා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here