Home Local News Room : මීගමුව බන්ධනාගාරයේ ලොකු ගැටුමක්.. රැදවියන් දෙදෙනෙක් මරුට.. 27ක් රෝහලේ.....

News Room : මීගමුව බන්ධනාගාරයේ ලොකු ගැටුමක්.. රැදවියන් දෙදෙනෙක් මරුට.. 27ක් රෝහලේ.. ~

0
0
මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින සිරකරු කණ්ඩායම් දෙකක් අතර අද (05) දහවල් ඇති වූ ගැටුමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 27 දෙනෙකු තුවාල ලබා තිබේ. මීගමුව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ, බන්ධනාගාරය තුළ හටගත් මෙම නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් තුවාල ලැබූ සිරකරුවන් 27 දෙනෙකු මේ වන විට ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බවයි. මියගිය පුද්ගලයින් දෙදෙනාගේ සිරුරු ද මේ වන විට මීගමුව රෝහලේ තැන්පත් කර ඇත.

බන්ධනාගාරය තුළ තත්ත්වය පාලනය කිරීම සඳහා මීගමුව සහ ඒ අවට පොලිස් ස්ථානවල නිලධාරීන් මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකාය  ද වහාම ක්‍රියාත්මක වන පරිදි කැඳවීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

මේ වන විට බන්ධනාගාර පරිශ්‍රය අවට ආරක්ෂාව දැඩි කර ඇති අතර, තත්ත්වය පාලනය කිරීමට ආරක්ෂක අංශ සමත්ව ඇති බව වාර්තා වේ.

ගැටුමට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති අතර, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ පොලිසිය එක්ව මේ පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here