මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
යෝෂිත රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ සම්බන්ධයෙන් විමර්ශන සහ අත්අඩංගුවට ගැනීම් පිළිබඳව අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය.
“වෙන කවුරුත් නැහැනේ, ඉතින් අපිව තමයි අල්ලගන්න තියෙන්නේ. අපි හැමදාමත් ජනතාවත් එක්ක ඉන්නවා. ඒක තමයි මේ හැමදේටම හේතුව.”
2029 වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබඳව කළ විමසීමේදී ඔහු සඳහන් කළේ, ඒ සඳහා සුදුසු පුද්ගලයා ජනතාව විසින්ම තීරණය කරනු ඇති බවයි.
නාමල් රාජපක්ෂ මහතා අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්නේදැයි විමසූ විට, “ජනතාව ඉල්ලනවා නම් අපි දෙනවා, ජනතාව ඉල්ලන්නේ නැති කෙනෙක්ව අපි ඉදිරිපත් කරන්නේ නැහැ” යනුවෙන් ඔහු අවධාරණය කළේය.
වත්මන් රජය ගොවි ජනතාව මුහුණ දෙන ගැටලුවලට නිසි විසඳුම් ලබා නොදෙන බවට ද හිටපු ජනාධිපතිවරයා චෝදනා කළේය. වත්මන් පාලකයින් ගොවීන් සමඟ සමීප සබඳතාවක් නොමැති බවත්, ඔවුන් ජනතාවගෙන් ඈත් වී කටයුතු කරන බවත් ඔහු පෙන්වා දුන්නේය.
තමන් කිසිසේත්ම දේශපාලනයෙන් සමුගැනීමට සූදානම් නොමැති බවත්, ඉදිරියේදී ජනතාව ඒකරාශී කරගනිමින් ශක්තිමත් දේශපාලන ගමනක් යාමට සූදානම් බවත් මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මේ පුවත තව අයට බලන්න







