Home Local News Room : අගරදගුරු විශ‍්‍රාම ගැනීමේ ලිපිය වතිකානුවට බාර දෙයි! ~

News Room : අගරදගුරු විශ‍්‍රාම ගැනීමේ ලිපිය වතිකානුවට බාර දෙයි! ~

0
0
කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වයස අවුරුදු 75 සම්පූර්ණ වීමත් සමඟ, කතෝලික සභාවේ ශාසන නීතියට අනුකූලව සිය ස්වකීය විශ්‍රාම ගැනීමේ ලිපිය අති උතුම් ශුද්ධෝත්තම පාප් වහන්සේ වෙත යොමු කර ඇති බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය නිවේදනය කරයි.

ලෝකයේ ඕනෑම කතෝලික පදවියක රදගුරු ප්‍රසාදීන් වහන්සේ නමකගේ වයස අවුරුදු 75 සම්පූර්ණ වූ පසු විශ්‍රාම ගැනීමේ ලිපිය පාප් වහන්සේ වෙත භාර දීම සාමාන්‍ය සම්ප්‍රදාය බවත්, එම ලිපිය පිළිගැනීම සහ විශ්‍රාම ගැන්වීමේ දිනය තීරණය කිරීමේ පූර්ණ බලය පාප් වහන්සේ සතු බවත් එම නිවේදනයේ සඳහන් වේ.

පාප් වහන්සේගෙන් ඒ සඳහා අවසර ලැබෙන තෙක් කාදිනල් හිමිපාණන් සිය ධුරයේ වගකීම් තවදුරටත් අඛණ්ඩව ඉටු කරනු ඇත.

කාදිනල් හිමිපාණන් සිය ධුර කාලය දීර්ඝ කර ගැනීම සඳහා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ කරුණු භාවිත කරන බවට ඇතැම් පාර්ශව සහ සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල කරන චෝදනා රදගුරු සම්මේලනය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයි.

එවැනි ප්‍රකාශ මුළුමනින්ම අසත්‍ය සහ ජනතාව නොමඟ යවන සුළු බවත්, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම සඳහා උන්වහන්සේ දරන අවංක උත්සාහයට රදගුරු සම්මේලනයේ පූර්ණ සහය හිමිවන බවත් එහි වැඩිදුරටත් දැක්වේ.

පාස්කු ප්‍රහාරයේ සැබෑ කුමන්ත්‍රණකරුවන් හෙළිදරව් කර ගැනීමට සහ වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීමට කාදිනල් හිමිපාණන් සිදුකරන මෙහෙවර දේශීය මෙන්ම ජාත්‍යන්තර කතෝලික ප්‍රජාවගේ ඇගයීමට ලක්ව ඇති බව ද රදගුරු සම්මේලනය අවධාරණය කරයි.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here