වසර එකහමාරකට පමණ පෙර තම දුප්පත්කම ගැන පවසමින් ජනතා අනුකම්පාව දිනා ගත් ඇතැම් ඇමතිවරුන් අද වන විට කෝටිපතියන් බවට පත්ව ඇතැයි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.
“එක් ඇමතිවරයෙක් අද ගෙවල් දෙකක් හදනවා. ඉන් එකක් තෙමහල් සුඛෝපභෝගී මන්දිරයක්. දුවගෙ නමට ඉඩම් දෙකක් අරන්.
තවත් ඇමතිවරයෙකුගේ වත්කම් ප්‍රකාශවල ක්‍රිප්ටෝ කරන්සි ඇති බව සඳහන් වෙනවා. මහ බැංකුව පවා මෙරට තුළ ක්‍රිප්ටෝ භාවිතයට ඉඩ ලබා නොදී තිබියදී, කැබිනට් ඇමතිවරයෙකුට මේවා ලැබුණේ කොහොමද?
ආණ්ඩුව හිතනවා ඇති විරුද්ධ පක්ෂයට පහර දීලා මේ ප්‍රශ්න යටපත් කරන්න පුළුවන් කියලා. හැබැයි ගොවියෝ අද පාරට බැහැලා ඉන්නවා. ජනතාවගේ බඩ ගින්නට උත්තර දෙන්න ආණ්ඩුවට බැරි වෙලා”
හිටපු ඇමතිවරයා මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කීය.
මේ පුවත තව අයට බලන්න







