Home Local News Room : පුංචි මදුරුවෙක් ඉදිරියේ දේව බලය කුඩු වේ! ප්‍රසිද්ධ දේවගැතිවරයා...

News Room : පුංචි මදුරුවෙක් ඉදිරියේ දේව බලය කුඩු වේ! ප්‍රසිද්ධ දේවගැතිවරයා හොර රහසේම රට පනී! ~

0
0
දේව බලයෙන්, යාඥාවෙන් ඕනෑම ලෙඩක් සුව කරන්න පුළුවන් කියලා වේදිකා උඩ මයික්‍රෆෝන් පලන්න කෑගහපු ලංකාවේ ප්‍රසිද්ධ “දේවගැතිවරයෙකුට” රෝස පාට කටුස්සෙක් නෙවෙයි, පුංචි ඩෙංගු මදුරුවෙක් ඇන්නා කියල ආරංචියි.

​හැබැයි වැඩේ කියන්නේ, තමන්ගේ ඇඟට රිංගපු ඩෙංගු වෛරසයට යාඥා කරලා, තෙල් ගාලා සුව කරගන්න මේ “මහා බලවතාට” බැරි වෙලා! අන්තිමේදී තමන්ගේ ජීවිතය බේරගන්න මිනිහා මොකද කළේ? ලංකාවේ දොස්තරලාටත් හොරෙන්, තමන්ගේ අනුගාමිකයන්ටත් හොරෙන්, හොර රහසේම විදේශගත වෙලා තියෙනවා බටහිර වෛද්‍ය ප්‍රතිකාර ගන්න!

​🧐 ප්‍රශ්නය මේකයි:

අනුන්ගේ පිළිකා, අංශභාග, ලෙඩ රෝග වේදිකාව උඩදී “දේව බලයෙන්” සුව කරනවා කියපු මනුස්සයාට, එක මදුරුවෙක් කාපුවාම තමන්ගේ බලයෙන් ඒක සුව කරගන්න බැරි වුණේ ඇයි?

​⚠️ අපේ රටේ අහිංසක මිනිස්සුන්ට කරන ආයාචනයයි!

​අතේ තියෙන අන්තිම තුට්ටු දෙකත් වියදම් කරගෙන, ලෙඩ සුව කරගන්න කියලා හිතාගෙන මේ වගේ බොරු කාරයෝ, කපටියෝ පස්සේ යන අපේ රටේ අහිංසක මිනිස්සු ගැන ඇත්තටම තියෙන්නේ ලොකු කණගාටුවක් සහ දුකක්.

​ඔවුන් කරන්නේ ඔබේ අසරණකම, බිය සහ නොදැනුවත්කම මුදල් බවට පත් කරගන්න එකයි.

​ඔවුන්ට අමාරු වුණාම යන්නේ ලෝකයේ තියෙන ඉහළම බටහිර වෛද්‍ය විද්‍යාව පස්සේ.

​හැබැයි ඔබට ලෙඩක් වුණාම කියන්නේ බේත් නොබී “දෙවියන්ට” කියලා සුව කරගන්න කියලා.

​තවත් රැවටෙන්න එපා! වෛද්‍ය විද්‍යාවට ගරු කරන්න. විද්‍යාවෙන් සුව කළ හැකි දේ මිත්‍යාවට භාර දීලා ජීවිතයෙන් වන්දි ගෙවන්න එපා.

– Ape Media Social Media Return

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here